Breaking News
Home / Gossip / තරුණියන් තුන්දෙනෙක් සැලූන් එකක් ඇතුළේ කරපු දෙයක් මාට්ටු

තරුණියන් තුන්දෙනෙක් සැලූන් එකක් ඇතුළේ කරපු දෙයක් මාට්ටු

ගම්පහ දෑලතුල පැත්තේ තියෙන රූපලාවන්‍යාගාරයකට පහුගිය දවසක තරුණියන් දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා.

රූපලාවන්‍ය කටයුතු වල මිල ගණන් අහපු එයාලගේ හැසිරීම රූපලාවන්‍යාගාරයේ අයිති කෙනාට නම් ඒතරම් අල්ලලා නැහැ.

කිහිප සැරයක්ම බොන්න වතුර ඉල්ලලා අයිති කෙනාව ඇතුළට යවා ගන්න තරුණියන් දෙන්නා උත්සාහ කරත් මේ අය ගැන තිබුනු සැකය නිසාම එයා ඇතුළට ගිහිල්ලා නැහැ.

ඊට පස්සේ දවසෙත් මේ දෙන්නා තවත් තරුණියක් එක්ක ත්‍රිවිල් එකකින් ඇවිත් තියෙනවා.

තරුණියන් තුන්දෙනාම රූපලාවන්‍යාගාරයේ අයිති කාන්තාවත් එක්ක කතාකරමින් ඉන්න අතරේ එයාගේ මුදල් පසුම්බිය හොරකම් කරලා තියෙනවා.

ආපු ත්‍රිවිල් එකෙන්ම තරුණියන් තුන්දෙනා යන්න හදද්දි වෙච්චි දේ දැනගත්තු රූපලාවන්‍ය ශිල්පිනිය කෑගහලා තියෙනවා.

ඒ සද්දෙට වටේ පිටේ හිටපු අය ඇවිල්ලා තමයි මේ තරුණියන්ව අල්ලගෙන තියෙන්නේ.

හොරකමට ආපු තරුණියන් තිදෙනයි එයාලගේ උදව්වට ආපු ත්‍රිරෝද රථයේ රියදුරයි සේරම දැන් ඉන්නේ පමුණුගම පොලිස් කූඩුවේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close