Breaking News
Home / Gossip / තරගයකට සියල්ල සුදානම් – ගේල් නවතන්න විකල්ප රැසක්

තරගයකට සියල්ල සුදානම් – ගේල් නවතන්න විකල්ප රැසක්

විස්‌සයි විස්‌ස ලෝක කුසලානයක අවසන් මහා තරගයකට දෙවැනි වරටත් පිවිසි එංගලන්තයට අභියෝග කරන ප්‍රතිවාදියා  දැන ගැනීම සඳහා තවත් පැය කිහිපයක් ගත වනවා.

 

ශ්‍රී ලංකා වේලාවෙන් අද (31) පස්වරු 7.00ට පමණ  දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

මේ අතර අද තරගය සඳහා ඉන්දීය කණ්ඩායමට අතිරේක පුහුණුවක් ලබාදීමට පියවර ගෙන තිඛෙනවා.

 

ඒ අනුව පුහුණු සැසිවලදී පිතිකරුවන්ට අතිරේක කාලයක් පන්දුවට පහරදීම සදහා ලබාදීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන් වනවා.

 

පන්දු යවන්නන්ටද එවැනි විශේෂ පුහුණුවක් ලබාදීමට පියවර ගෙන තිබුණා.

 

මේ අතර ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පවසන්නේ කොදෙව් ප්‍රබල පිතිකරු ක්‍රිස් ගේල්ගේ  පිතිප්‍රහාරය නතර කිරීම සදහා ඕනෑතරම් විකල්ප තම කණ්ඩායම සතු බවයි.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close