Breaking News
Home / Gossip / තරංග පරණවිතාන පිතිකරුවන් අතර ඉදිරියෙන්ම

තරංග පරණවිතාන පිතිකරුවන් අතර ඉදිරියෙන්ම

අන්තර් සාමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවන වටයේ දෙවැනි සතියේ තරග අවසාන වනවිට ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන තරංග පරණවිතාන තරග අටකට සහභාගීවී ලකුණු 795 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වීය. තරගාවලියේ තවත් සති අන්ත දෙකක් ඉතිරිව ඇති අතර එම තරග දෙකේදී ලකුණු 205 ක් ලබාගත හැකිවුවහොත්  ඔහුට මෙවර තරගාවලියේදී ලකුණු 1000 කඩයිම පසුකර යා හැකිවනු ඇත. හලාවත මේරියන්ස් පිලට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 150 මෙම තරගාවලියේදී තරංග පරණවිතාන විසින් ඉනිිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවෙයි. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2012 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදීය.
තරංගට නොදෙවෙනි දස්කම් පෙන්වමින් ගාල්ල පිල වෙනුවෙන් ක‍්‍රීඩා කරන චාමර සිල්වා ලකුණු 786 ක් ලබාගෙන ඇත.
බදුරලිය පිලට එරෙහිව මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී ත‍්‍රිත්ව ශතකයක් (342) ලබාගත් මිනෝද් භානුක මෙම තරගාවලියේදී ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වෙයි. ශතකය දෙකක් ලබාගෙන ඇති මිනෝද් භානුක බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට එරෙහිවද ශතකයක් ලබාගැනීමට සමත්විය. මෙම තරගාවලියේදී තරග අටකදී ලකුණු 679 ක් රැුස්කිරීමට සමත්වී ඇත.
තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු යැවීම ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන පිට දගපන්දු යවන මදුක ලියනපතිරණගේ (142/9) සමත්වී තිබේ. තරගයක හොදම පන්දු යැවීම යුද හමුදා කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට එන්.සී.සී කණ්ඩායම නියෝජනය කරන චාමිකර එදිරිසිංහ (105/13) සමත්වී ඇත. මූවර්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන මාලින්ද පුෂ්පකුමාර විසින්ද සී.සී.සී ක‍්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 119 කට කඩුලූ 13 ක් බිද හෙළීමට සමත්විය.
තරග අටකට සහභාගීවී කඩුලූ 40 බැගින් බිද හෙළමින් දැනට තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් බවට පත්වන්නට චයිනමන් පන්දු යවන්නකුවන සී.සී.සී කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් සහ වමත් දඟපන්දු යවන්නකුවන රාගම කණ්ඩායමේ අමිල අපෝන්සු සමත්වී සිටිති.
ගමිදු අමරසිංහ (සැරසන්ස්) සහ කෞශාල් සිල්වා (එස්.එස්.සී) ද්විත්ව ශතක ලබාගත් අතර ළහිරු මිලන්ත (රාගම), ජීවන් මෙන්ඩිස් (ද්‍රවිඩ සංගමය), උපුල් තරංග (එන්.සී.සී), සධීර සමරවික‍්‍රම (කෝල්ට්ස්) ගෙවීගිය සතියේදී ශතක ලබාගත් පිතිකරුවෝ වෙති.
ගෙවී ගිය සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ කී‍්‍රඩකයන් අතර එන්.සී.සී පිලට එරෙහිව කඩුලූ 9 ක් දවාගත් ද්‍රවිඩ සංගම් පිලේ ශාමින්ද එරංග (63/5 සහ 36/4), බදුරලිය පිලට එරෙහිව කඩුලූ 9 ක් දවාගත් වරාය අධිකාරී පිලේ චමින්ද බණ්ඩාර (63/5 සහ 109/4) සහ කෝල්ට්ස් පිලට එරෙහිව කඩුලූ 8 ක් දවාගත් රාගම පිලේ චතුර පීරීස් (69/5 සහ 54/3) ඉදිරියෙන්ම සිටිති.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close