Breaking News
Home / Gossip / තනි ආණ්ඩු සිහින දකින බඩේ අමාරු කාරයන්ට ජනපති අගමැති බේත දෙති

තනි ආණ්ඩු සිහින දකින බඩේ අමාරු කාරයන්ට ජනපති අගමැති බේත දෙති

ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් රටේ ජනතාව දුන් ජනමතයට පිටුපා ජනාධිපතිවරයාගේ සරම අස්සට වී තනි ශ්‍රී ලංකා ආණ්ඩු හැදීමට පුරසාරම් දොඩවන ශිරාල් ලක්තිලකලාගේත් අගමැතිවරයාගේ කෝට් එක අස්සට වී තනි යූඇන්පී ආණ්ඩු හැදීමට දොඩවන අර්ජුන් මහේන්ද්‍රන්ලාගේත් සිහින බිඳ දමමින් පවතින ජාතික ආණ්ඩුව හැර අන් කිසිවක් සිදුකරන්නේ නැතැයි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් යලිත් වතාවක් ශපථ කර තිබේ.

ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදීය. මෙය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය සඳුදා පැවැත්විණ. එහිදී ජනාධිපතිවරයා ස්ථිර ලෙසම කියා සිටියේ කවුරුන් කෙසේ කීවත් පවතින ජාතික ආණ්ඩුව තිරසාර ලෙස ඉදිරියට කටයුතු කරන බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම මතයම ස්ථිර කර තිබේ.

මේ අතර ලංකා ඊ නිව්ස් තානාපති ආරංචි මාර්ග සඳහන් කරන්නේ තමන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට සහාය දෙන්නේ ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සංයෝගයට පමණක් යැයි ප්‍රධාන රටවල් 4 ක තානාපතිවරුන් ආණ්ඩුවට දන්වා ඇති බවයි. එමෙන්ම ඔවුන් දෙදෙනා ජනතාවට පොරොන්දු වූ පරිදි ජාතීන් අතර දීර්ඝ කාලීන සහජීවනයට මග පාදන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් පවසා තිබේ.

මේ අනුව මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රශ්නය අල්ලාගෙන පුද්ගලික බඩේ අමාරු සනීප කර ගන්නට උත්සාහ කළ අවස්ථාවාදී ලෙඩ්ඩුන්ට යන එනමං නැති වී තිබේ.   

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close