Breaking News
Home / Gossip / තජුඩීන් ඝාතනය: නාමල් පෙනී සිටින CCTV දර්ශන විශ්ලේෂනයට

තජුඩීන් ඝාතනය: නාමල් පෙනී සිටින CCTV දර්ශන විශ්ලේෂනයට

රගර් ක්‍රීඩක මෙ‍ාහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ සී.සී.ටී.වී. පටයක නාමල් රාජපක්ෂ පෙනී සිටින අතර එම සී.සී.ටී.වී. පටය විදේශීය ආයතනයකට යවා විද්වත් විශ්ලේෂනයක් මගින් තහවුරු කර ගැනීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා සී.සී.ටී.වී. පට විදේශීය ආයතනක් වෙත විශ්ලේෂණය සඳහා යොමු කිරීම අවසන් අදිය‍රේ පවතින්නේ යයි රහස් පොලිසිය අද අධිකරණයට දැන්වීය.

සංකීර්ණ වූ රගර් ක්‍රීඩක මෙ‍ාහොමඩ් වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව විමර්ශන අවසන් කිරීමට කාලය අවශ්‍ය බැවින් ඒ සඳහා මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසට නීතිපති නියෝජනය කරමින් රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

සිද්ධිය අද (23) යළි කැඳවූ අවස්ථාවේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කීවේ තාජුඩීන් ඝාතනය සියුම්ව විමර්ශන පවත්වන බවයි.

මෙහිදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් 2016/02/28 දින සිට මේ දක්වා පොලිස් නිලධාරීන් ඇතුළුව පුද්ගලයින් 11 දෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ඇති බවත් එකී ප්‍රකාශවලින් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බවත් පැවසීය.

තවද මරණකරුගේ මූලික පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ හිටපු ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා ඇතුළු වෛද්‍යවරු මඟින් පරීක්ෂණ කටයුතු සඳහා මෘත දේහයෙන් ලබා ගත් පපු අස්ථිය හා කලවා අස්ථි කොටස් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් සපයන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරයාට අධිකරණ නියෝගයක් ලබා දුන්න ද මේ දක්වා අදාළ වාර්තා ලැබී නැතැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සී.සී.ටී.වී. පට වි‍ශ්ලේෂණය සඳහා මූලික පියවර ගැනීම පිණිස ලෙස කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා අවශ්‍ය කරණු ලබන පිරිවැය කොපමණද? යන්න ගණනය කිරීම සඳහා කටයුතු සම්පාදන කොට සී.සී.ටී.වී. පට විදේශීය ආයතන වෙත විශ්ලේෂණය සඳහා යොමු කිරීම අවසන් අදිය‍රේ පවතින බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මීට අමතරව 2016/03/03 අධිකරණයෙන් ලබාගත් නියෝග අනුව අංක 121, හික් පාර, කොළඹ 05 ලිපිනයේ පිහිටුවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්ද මහතාට අයත් කාර්යාලයේ සී.සී.ටී.වී. කැමරා දත්ත ගබඩා දෘඪ ඩිස්කය ලබා ගැනීම සඳහා මන්ත්‍රිවරයා වෙත අධිකරණ නියෝගය භාර දුන්න ද මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ ඒ වන විට සී.සී.ටී.වී. කැමරා පහසුකම් නොතිබුණු බවට සහතික කර ලිපියක් ඉදිරිපත් කර ඇති බවට ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන් කර ප්‍රගතිය වාර්තා කිරීමට මැයි මස 12 වන දින ලබා දෙමින් නඩුව යළි කැඳවීම එදිනට කල් තැබීය. 

(ස්තූතිය දිනමිණේ සිරන්ජනී කුමාරිට)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close