Breaking News
Home / Gossip / ඥානසාර හිමිට ඇප

ඥානසාර හිමිට ඇප

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට තර්ජනය කළැයි චෝදනාවට රිමාන්ඩ් කෙරුණු බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහැර තිබේ.

උන්වහන්සේ අද හෝමාගම ම‍හේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු මෙලෙස ඇප මත නිදහස් කෙරිණ.

රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත උන්වහන්සේ නිදහස් කිරීමට රංග දසනායක මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් නඩුව, ඥානසාර හිමියන් විසින් අධිකරණයට අපහාස කිරීමේ නඩුව හා සන්ධ්‍යා එක්නැළිගොඩට තර්ජනය කිරීම යන නඩු 3 අද විභාගයට ගැනිණ.

එහිදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් නඩුව මාර්තු මස 8 වැනිදාට කල්ගිය අතර එම දිනය දක්වා සැකකරුවන්ද රිමාන්ඩ් කෙරිණ.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව මැයි 24 ‍තෙක් කල්තැබීමටත්, ඥානසාර හිමියන්ට එරෙහි අධි චෝදනා ඇති නම් ඒවා ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා එහිදී නීතිපතිවරයාට නියෝග කළ බවද අප වාර්තාකරු පැවසීය.

අධිකරණයට අපහාස කළැයි චෝදනාවට රිමාන්ඩ් කෙරුණු උන්වහන්සේට ඊට පෙර නඩුවාරයකදී ඇප නියම කෙරිණ.

ඉහත නඩුවලට සම්බන්ධ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් නොකරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.

 
 
 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close