Breaking News
Home / Gossip / ඥානසාර හිමිට ඇප ලැබෙයි

ඥානසාර හිමිට ඇප ලැබෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇප මත මුදාහැර තිබේ.

අද(09) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ උන්වහන්සේ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව  සඳහන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල වී තිබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව පසුගිය මස 26 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.

එදින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ උන්වහන්සේ අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි  ඇප මත මුදාහරිමින් මෙම සිද්ධියට අදාළව මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම උන්වහන්සේට තහනම් කර ඇති අතර සෑම ඉරුදිනකම හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම්දී තිබේ.

සිද්ධියට අදාළ නඩුව මේ මස 23 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇත

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close