Breaking News
Home / Gossip / ජාතික ගීය දැන් උසාවියේ – වගඋත්තරකරු ජනපති

ජාතික ගීය දැන් උසාවියේ – වගඋත්තරකරු ජනපති

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල භාෂාවෙන් සහ සිංහල වචනවලින්  පමණක්‌ ගායනා කරන ලෙස නියෝගයක්  නිකුත් කරන ලෙස  ඉල්ලා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු  කළා.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 වැනි උපලේඛනයේ සඳහන් ආකාරයට සිංහල වචනවලින් මෙය ගායනා කළ යුතු බව වී. සංජීව සුදත් පෙරේරා, ප්‍රදීප් ආසිරි සොයිසා, සහ ජී. ඒ. දොන් ප්‍රේමරත්න යන  පෙත්සම්කරුවෝ පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එම ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්‌ථා විරෝධී හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) සහ 12 (2) වගන්තිවලින් ජනතාවට සුරක්‍ෂිත කර ඇති මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක්‌ ලෙස තීන්දු කරන ලෙස ද  ඉල්ලා ඇතැයි පැවසෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කළ යුතු වුවද පසුගිය පෙබරවාරි 04 දා පැවැති ජාතික නිදහස්‌ උළෙලේදී දෙමළ භාෂාවෙන් ද ගායනා කළ නිසා ප්‍රශ්නයක්‌ මතු වූ බවයි පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close