Breaking News
Home / Gossip / ජාතික කොඩියෙන් සිංහයා ගලවන්න යන කතාව

ජාතික කොඩියෙන් සිංහයා ගලවන්න යන කතාව

පසුගිය නිදහස් දින සමරු උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම විවිධ පාර්ශව වල විවේචනයට මෙන්ම ප්‍රශංසාවන්ට ලක්වූවද එම විවේචන වලින් ජාතිවාදී ගැටලූවක් මතුකිරීමට තරම් ප්‍රමාණවත් දෙයක් සිදුවූයේ නැත.
මේ අතර මේ දිනවල නැවත කරළියට පැමිණ ඇති අලූත් අදහසක්වී ඇත්තේ ජාතික කොඩියේ සිංහයා නිරූපණය කිරීම ජාතිවාදී ගැටලූවලට මුල්ව ඇති නිසා එය ඉවත්කරන්නට රජයේ සූදානමක් ඇති කතාවයි.
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කොට සියලූ ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතයක් ජාතික කොඩියට යොදාගත යුතු බව එම අදහසෙන් කියැවෙයි.
නමුත් ඇත්තටම එවැනි යෝජනාවක් කවුරුන් කළාද ඒ වැනි කතාබහක් මාධ්‍ය අතරට ආවේ කොහින්ද යන්න අවිනිශ්චිතය.
මේ ගැන වැඩිදුර සොයාබැලීමේදී වාර්තා වූයේ ඉදිරි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මෙම සංශෝධනය සිදු කළ යුතු බවට යෝජනාවක් පැමිණ ඇති කතාවකි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමේ කමිටුව දෙවැනි දිනට මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ අදාළ යෝජනා කමිටුව වෙතඉදිරිපත් කළ බැව්ද වාර්තා වුණා.
ව්‍යවස්ථා සම්පාදනය කිරීමට මහජන අදහස් විමසීමේ කමිටුව එස්. විඡේන්ද්‍රන්, ලාල් විඡේනායක, එස්. තවරාසා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ වේලේ මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.
මන්නාරම දිස්ත්‍රික් කාන්තා සංවිධාන නියෝජිතවරියක මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත්තේ ජාතික කොඩියේ සිංහයා සලකු‚න් සිංහල ජනතාව ගැන පමණක් සඳහන් වන බවත් වර්තමානයේදී සියලූදෙනා එක්ව ජීවත්වන බැවින් සියලූ ජාතීන් සංකේතාත්මක වන සංකේතයක් ජාතික කොඩිය වෙනුවෙන් යොදාගත යුතු බවත්ය.
කෙසේ වෙතත් මෙය හුදෙක් එක් යෝජනාවක් පමණක් වන අතර ඒ සම්බන්ධ සංවාදයක් හෝ අනුමැතියක් හෝ තවම සිදුවී නැත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close