Breaking News
Home / Gossip / ජපානයේ රත්තරං පන්සලටත් සැතපුමක් විතර පයින් යන්න ඕන – මේක දළඳා වහන්සේගේ අයිතිය .

ජපානයේ රත්තරං පන්සලටත් සැතපුමක් විතර පයින් යන්න ඕන – මේක දළඳා වහන්සේගේ අයිතිය .

මහනුවර ශී‍්‍ර දළදා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කළයුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මල්වතු පාර්ශවය නිහඩව සිටින බවයි මීට පෙර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් එවැනි නිහැඩියාවක් නැතැයිද මහනුවර ශී‍්‍ර දළදා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කරනවාට තමන්ද විරුද්ධ බවද මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශී‍්‍ර විජිතසිරි හිමියන් කියා සිටියා.

උන්වහන්සේ ඒ බව පැවසුවේ මහනුවර වෙළද ප‍්‍රජාව සහ තවත් පාර්ශව කිහිපයක සහභාගිත්වයෙන් ඊයේ (24) පැවති රැස්වීමකදීයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ ‘මල්වතු මහානායක ස්වාමීන්වහන්සේ සඳහන් කළේ මේ මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක් භාවිතා කරන්නේ නම් උචිත බවත් එසේ කළ නොහැකි නම් කුමක් කරන්නද’ යන්න බවත් සඳහන් කළා. එම ප්‍රකාශය මාළිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කරනවාට මල්වත්ත මහනායක ස්වාමීන්වහන්සේ කැමති බවට පරිවර්තනය කරමින් භාවිතා කර තිබූ බවයි සඳහන් කළේ.

අදාළ මාර්ගය විවෘත කරන්නැයි කරන ඉල්ලීම සුළුතරයකගේ උවමනාවක් බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. උන්වහන්සේ උදාහරණ ගෙන සඳහන් කළේ ජපානයේ රත්තරන් පන්සලට ගමන් කිරීම සඳහා කිලෝමීටරයකට වඩා වැඩි දුරක් පා ගමනින් යා යුතු බවයි. බකිම්හැම් මාළිගාවේ සිට රැජිණට ගමන් කිරීමටද වෙනම පාරක් ඇති බවත් පෙන්වා දුන්නා. ඒවා නොපෙනෙන්නේදැයි ද ප්‍රශ්න කළා.

මහනුවර ශී‍්‍ර දළදා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කරන්නැයි ඉල්ලා සිටින පිරිස් ඒ සදහා ඉදිරිපත් කරන පළමු තර්කය වන්නේ මෙම මාර්ගය වසා දැමීමෙන් මහනුවර රථවාහන තදබදය වැඩි වන බවයි. මෙම මාර්ගය වසා දැමීම නිසා මහනුවර වායු දූෂණය වැඩි වන බවද ඒ නිසා මහනුවර වැසියන් ශ්වසන රෝගවලට ලක්වන බවද ඔවුන් පවසනවා. කෙසේවෙතත් පූජ්‍ය නියංගොඩ ශී‍්‍ර විජිතසිරි හිමියන් කියාසිටියේ මෙම තර්ක පිළිගත නොහැකි බවයි

ශී‍්‍ර ලංකාද්වීපයේ මුළු භූමියම රජවරුන් විසින් ශී‍්‍ර දළදා වහන්සේට පූජා කර ඇතැයිද ඒ නිසා උන්වහන්සේට හිමි අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට කිසිවෙකුටත් නොහැකි බවද මෙහිදී අවධාරණය කෙරුණා.  ඒ අනුව දළඳා වහස්සේ වෙනුවෙන් මේ රටේ ඕනෑම භූමි භාගයක් වෙන් කරන්නට වගකීමක් යුතුකමක් සහ අයිතියක් ඇති බවත් සඳහන් කළා.  

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close