Breaking News
Home / Gossip / ජනාධිපතිවරණයේ මරදානේ අවසන් රැලියේදී මෛත්‍රී ඝාතනයට ස්නයිපර් ගිනි අවි ගෙන්වලා

ජනාධිපතිවරණයේ මරදානේ අවසන් රැලියේදී මෛත්‍රී ඝාතනයට ස්නයිපර් ගිනි අවි ගෙන්වලා

පසුගිය ජනාධිපතිවරණයේ මරදානේ පැවැති අවසන් රැලියේදී වත්මන් ජනාධිපති එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා ස්නයිපර් වර්ගයේ ගිනි අවි කිහිපයක් රාජපක්ෂලා විසින් රහසිගතව කන්ටේනර් වල සඟවා ගෙනැවිත් ඇති බවත්, ඒවා පරීක්ෂාවකින් තොරව රට තුලට මුදා හැරීම සඳහා වත්මන් නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ජගත් ප්‍රේමලාල් විජේවීර නමැති රාජ්‍ය පරිපාලන සේවාවේ නිලධාරියා එවක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස ඊට හවුල් කරුවෙක් වී ඇති බවත් අති රහස්‍ය ආරක්ෂක ලියැවිල්ලකින් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙළිදරව් වී තිබේ.

ජගත් ප්‍රේමලාල් විජේවීර මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් මහින්ද රාජපක්ෂ විසින් 2013 දී පමණ පත් කෙරෙන අතර ඉන්පසුව රාජපක්ෂලා බලයෙන් විසි වන තුරුම එම ධූරය දැරුවේ ඔහුය. එම කාලය තුලදී නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන අයගේ නමට ගෙන ආ කන්ටේනර් විශාල සංඛ්‍යාවක් කිසිදු පරීක්ෂාවකින් තොරව එනම් විවෘත කිරීමක් හෝ නොකර වරායෙන් පිටතට රැගෙන ගොස් ඇත. එලෙස කන්ටේනර් මුදා හරින්නැයි අදාල නිලධාරීන්ට තර්ජනාත්මකව නියෝග දී ඇත්තේ මෙකී ජගත් ප්‍රේමලාල් විජේවීර ය.

එමෙන්ම මෝටර් රේස් සඳහා යැයි කියමින් කිසිදු බදු මුදලක් අයකරන්නේ නැතිව ලැම්බෝගිනි වැනි අධි ධාරිතාවයෙන් යුත් එන්ජින් සහිත රේසින් කාර් විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති අතර ඒවා මුදා හැර ඇත්තේද ජගත් පී. විජේවීරගේ ඍජු නියෝග මතය. එලෙස රට තුලට මුදා හැරිය රේසිං කාර් වලට අද කුමක් වීද යන්න පවා අභිරහසකි. 

ඉහත සඳහන් කළ ස්නයිපර් ගිනි අවිද රට තුලට ගෙනැවිත් ඇත්තේ ඒ ආකාරයටම ය. මෛත්‍රී ඝාතනයට යොදා ගන්නා ගිනි අවිය කිසි සේත්ම ආරක්ෂක හමුදාවක හෝ එල්ටීටීඊයෙන් අල්ලා ගත් එකක් නොවිය යුතු යැයි සැලසුම් කරුවන්ගේ නිගමනය අනුව මෙලෙස නවීන ස්නයිපර් ගිනි අවි ගෙන්වා තිබේ. කෙසේ වෙතත් සැලසුම අසාර්ථක වූ නමුත් ගෙන්වන ලද ගිනි අවි රටේ කොතැනක හෝ තිබෙනු ඇත. පරීක්ෂාවකින් තොරව කන්ටේනර් මුදා හැරිය මෝඩ රාජ්‍ය නිලධාරියා වූ ජගත් පී විජේවීර දැන් ලාවුලු කෑ රිලවා මෙන් නිහඬය.

රහස්‍ය ලියැවිල්ලෙන් ප්‍රශ්න කෙරෙන්නේ මෙවන් බරපතල චෝදනා සහිත නිලධාරියෙකු දැන් යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන්නේ කෙසේද? කියා ය. එනම් තමන්ම වගකිව යුතුව ගෙන්වන ලද නීති විරෝධී ගිනි අවි අල්ලා ගැනීමට මොහුට අද වුවමනාවක් තිබිය හැකි ද? නැතිනම් එවන් ගිනි අවි අල්ලා ගැනීමට මොහු යටතේ පවතින අමාත්‍යාංශයේ යම් නිලධාරියෙක් ක්‍රියා කරයි නම් මොහු විසින් ක්‍රියා කරන්නේ එය වැළැක්වීමට නොවේද? ජගත් විජේවීර රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස කරන ලද පෙර කී දූෂණ ගැන සෙවීමට වත්මන් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර යටතේ ඇති පොලිසියට හැකියාවක් තිබේද ?

මීට අමතරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ කලක් තිස්සේ සේවය කරන, තවමත් රාජපක්ෂලා බලයට එනු සිහින දකින, දූෂිත ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩොනල්ඩ් මුණගේ නමැත්තා හදා ගන්නවා වෙනුවට ඔහු සමග ජගත් ප්‍රේමලාල් විජේවීර ස්ථිර ලේකම්වරයාගේ ඇති පයුරු පාසානය පිලිබඳවද රහස්‍ය ආරක්ෂක ලියැවිල්ලේ වැඩි දුරටත් කරුණු හෙලිකර තිබේ.  

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close