Breaking News
Home / Gossip / ජනපති සහ මහින්ද අතර අද සාකච්ජාවක්

ජනපති සහ මහින්ද අතර අද සාකච්ජාවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද ජනපති නිල නිවසට කැදවා තිඛෙනවා.
ජනාධිපතිවරයාගේ කැඳවීම ඊයේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසකට ලැබී ඇති බවත් ඔවුන් ජනාධිපතිවරයා හමුවීමට යන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළා.
ජනාධිපතිවරයා සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවේදී මහනුවර සිට පැමිණෙන පාද යාත්‍රාව නවතා දමන ලෙස ඉල්ලීමක්‌ ලැබුණහොත් කුමන ක්‍රියාමාර්ගයක්‌ ගන්නේදැයි ජාතික පුවත්පතක්ද විමසීමක් සිදුකර තිබුණු අතර ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නක්.
මේ පාද යාත්‍රාව නවත්වන ලෙස ජනාධිපතිවරයා කියන එකක්‌ නැහැ. මොකද මේ පාද යාත්‍රාව පවත්වන්නේ ආණ්‌ඩුව පෙරළා දැමීමට නොවෙයි. රජය ගෙනයන රටට ෙඑරෙහි  වැඩපිළිවෙළට එරෙහිවයි.
රජය ජනතාවට එරෙහිව ක්‍රියා කරන අවස්‌ථාවල එයට එරෙහිව අදහස්‌ ප්‍රකාශ කිරීමට සහ විවිධ විරෝධතා දක්‌වන්න ජනාධිපතිවරයා පවා ඒකාබද්ධ විපක්‍ෂයේ අයට අවස්‌ථාව දී තිබෙනවා.
මේ පාද යාත්‍රාව ජනාධිපතිවරයාට එරෙහිව හෝ පක්‍ෂයට එරෙහිව යන ගමනක්‌ නොව එක්‌සත් ජාතික පක්‍ෂ රජය ඒකාධිපති ගමනක්‌ යැම වැළැක්‌වීම සඳහා ගන්නා එක්‌ ක්‍රියාමාර්ගයක්‌ පමණයි. මෙයින් ද රජයේ වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයක්‌ බිහිකර ගැනීම සඳහා මීට වඩා ජනබලයක්‌ සමඟ පෙරට එනවා.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ එක්‌සත් ජාතික පක්‍ෂය ඇතිකරගෙන තිබෙන සම්මුතිවාදී ආණ්‌ඩුව අවුරුදු දෙකකට එකඟතාවක්‌ පළ කර ඇතත් එය තවත් වසර තුනක්‌ ඉදිරියට ගෙනයැමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හෝ පක්‍ෂයෙන් අනුමැතියක්‌ හිමිව නැතැයි ද මන්ත්‍රීවරයා සදහන් කළා.
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්වරයාට තනිවම තීන්දු ගැනීමට පක්‍ෂය විසින් තවම අවස්‌ථාව ලබා දී නැතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close