Breaking News
Home / Gossip / ජනපති සහ ඒකාබද්ධ විපක්ෂ සාකච්ඡාවෙදි මොනවද වුනේ

ජනපති සහ ඒකාබද්ධ විපක්ෂ සාකච්ඡාවෙදි මොනවද වුනේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් අතර ජනාධිපතිවරයාගේ නිවසේදී ඊයේ (25) රාත‍්‍රී පැවැති සාකච්ඡාවක් දී එම යෝජනාව ඉදිරිපත් විය.

“සර් අපේ අනූ පහක් මන්ත්‍රීවරු ඉන්නවා. ඇයි අපිට ආණ්ඩුවක් පිහිටුවන්න බැරි. ඔබතුමා එන්න ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න. එතකොට අපි ඔබතුමාට සහයෝගය දෙන්නම්. එහෙම නැතුව යූ.එන්.පී. එකේ මුක්කුවකට අපි එන්නෙ නෑ ” යයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කල යෝජනාව ඊට සහභාගී වී සිටි සියලු දෙනාම අනුමත කළේය.

යූ.එන්.පී. විරෝධී සටනක් :

“මම ඕගොල්ලන්ට එන්න කිව්වේ ජනතා බලවේග හදනවා කියලා මේ තැන් තැන්වල කිය කියා යනවා. ඒ ගැන අහන්නයි.” ජනාධිපතිවරයා හමුවේ අරමුණ පැහැදිලි කරද්දී, “නෑ සර්. අපි ජනතා බලවේග හදන වැඩක් ‍නෙවෙයි මේ කරන්නේ. අපි කරන්නේ යූ.එන්.පී. විරෝධී සටනක්.” යයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

“ඒකට කමක් නෑ. ආණ්ඩු විරෝධී ඕන සටනක් කරන්න. යූ.එන්.පී. විරෝධී ඒවත් ඕන දෙයක් කරන්න. හැබැයි පක්ෂය දෙකඩ වෙන විදියේ වැඩ කරන්න එපා. පක්ෂයේ වැඩපිළිවෙළත් එක්ක එකතු වෙලා වැඩ කරන්න.” ජනාධිපතිවරයා මෙහි දී ඉල්ලීමක් කළේය.

නාමල්ට නොකී හේතුව ?

රාත‍්‍රී 7.30ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව රාත‍්‍රී 9.00 පමණ දක්වා පැවති අතර, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ හැර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අනෙක් සියළුදෙනාම ඊට සහභාගී වී සිටියේය.

නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා නොකිරීම පිළිබඳව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහි දී ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා සිටියේය.

“නාමල්ට නම් මම ආරාධනා කළේ නෑ. මොකද එහෙම වුණා නම් මිනිස්සු අතරට වැරැදි අවබෝධයක් යයි. මොකද එතුමාට මේ දිනවල නඩුවක් පවතින නිසා. ඒත් මම හිටපු කථානායකතුමාට ආරාධනා කරන්න කියලා කිව්වනේ.” ජනාධිපතිවරයා එසේ කීවේ ජනාධිපති සම්බන්ධීකරණ ‍ලේකම්වරයකු වන මියුරු භාෂිත ලියනගේ මහතා දෙස බලමිනි.

“සර් අද උදේ තමයි හිටපු කථානායකතුමාට පණිවිඩේ දෙන්න වුණේ. එතුමාව සම්බන්ධ කරගන්න බැරුව ගියා.” මියුරු භාෂිත ලියනගේ මහතා කීවේය.

“සම්බන්ධ කරගන්න බැරි වුණා නම් මට කියන්න තිබ්බනේ. ඔයාට බැරිනම් කියන්න. මට ඒක කරන්න පුළුවන්.” ජනාධිපතිවරයා දැඩි ආවේගයකින් පැවසිය.

වතුරවලට වඩා ‍ලේවල ගනකම වැඩියි

මෙහිදී අදහඩ් දැක්වූ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.

“ජනාධිපතිතුමනි, යූ.එන්.පී. එකට මුක්කු ගහලා ආණ්ඩුවක් හදන්න අපි කැමැති නෑ. අපි එහෙම එන්නෙත් නෑ. මගේ සංවිධායකකම අයින් කළා. මම ඒ ගැන දුක් වෙන්නෙ නෑ. මොකද ඒක දීලා තියෙන්නේ මගේ මල්ලිට. වතුරවලට වඩා ‍ලේවල ඝනත්වය වැඩියි. අපි ආණ්ඩු විරෝධී ගමන ඒ විදියටම යනවා.” රණතුංග මන්ත්‍රීවරයා කීවේය.

“ආණ්ඩුව විවේචනය කළාට කමක් නෑ. හැබැයි පක්ෂය කඩන තැනට වැඩ කරන්න එපා.” ජනාධිපතිවරයා කීවේය.

අපි පිළිගන්නේ කාගෙ එකද?

“ජනාධිපතිතුමනි ඔබතුමා ආණ්ඩුව විවේචනය කළාට කමක් නෑ …විපක්ෂයේ භූමිකාව ඉෂ්ට කරන්න කියලා අපිට කියනවා. ඒ වගේම ඔබතුමා යුද අධිකරණයක් එන්නෙ නෑ කියලා කියනවා. මංගල සමරවීර ඇමැතිතුමා කියනවා එහෙම එකක් එනවා කියලා. ඔබතුමා කියන්නේ මතයක් විතරයි කියලා එතුමා කියනවා. අපි පිළිගන්නේ කාගෙ එකද?” කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා එහිදී විමසා සිටියේය.

“කවුරු මොනවා කිව්වත් මට මතයක් තියෙනවා. අවසානේ ක්‍රියාත්මක වෙන්නේ ඒ මතය.” ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පාද යාත්‍රාව ගැන කතා නැහැ :

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සම්මුති ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී විරෝධය පල කළ අතර, ජනාධිපතිවරයා ඊට පාදක වූ හේතුන් කෙටියෙන් පැහැදිලි කළේය.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවේදී ආර්ථික කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය යොමු වූ නමුත්, ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්‍රාව පිළිබඳව මෙහිදී සාකච්ඡා නොවීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ භූමිකාව ඉටු කරමින් රජය වැරදි තීන්දු තීරණ ගතහොත් ඒවා විවේචනය කරන බව ජනාධිපතිවරයා හමුවේ පවසා සිටි රැස්වීමට පැමිණ සිටි මන්ත්‍රීවරුන්, තවදුරටත් පක්ෂයේ මතය ඉදිරියට ගෙනයාමට මෙම හමුව අවසානයේ දී එකඟත්වයක් ඇතිකර ගනු ලැබිය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close