Breaking News
Home / Gossip / ජනපති මෛත‍්‍රීට බාල්දි පෙරලූ මනූෂ ගොඩගිය අවසන් ඩීල් එකේ කතාව

ජනපති මෛත‍්‍රීට බාල්දි පෙරලූ මනූෂ ගොඩගිය අවසන් ඩීල් එකේ කතාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් අනතුරුව ඔහුට විරුද්ධව, මහින්ද රාජපක්ෂට පක්ෂපාතව කටයුතු කළ මුල්පෙලේ අයෙකු වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට විදේශ රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පදවිය ලබාදීමට තරම් ජනාධිපතිවරයා ත්‍යාගශීලී වී තිබේ

ගාල්ල එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මනුෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට යැයි කියමින් රාජපක්ෂ රෙජීමය හා එක්වූ අතර එම එක්වීම වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් ගාල්ල, නෙළුව වතුයායකදී රුපියල් මිලියන 50 ක් ඩොලර්වලින්ම ලබාගත් බව මේ වනවිට ප්‍රසිද්ධ රහසකි

මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් පක්ෂයේ නායකත්වය ලබාදිය යුතු බවට පෙත්සමක් අත්සන් කරගැනීමට මනුෂ නානායක්කාර හිටපු ජනාධිපතිවරයාගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂ මහත්මිය හමුවූ විට ඇය සඳහන් කළේ “අපේ සනුහරේ එවුන් කරේ රට කාපුඑක විතරයි. මෛත්‍රීට එහෙම චෝදනාවක් නෑ, අපි මෛත්‍රීටත් චාන්ස් එකක් දීල බලමු” යැයි අවංකවම පැවසූවිට ආපු පයින්ම නික්ම ගොස් ඇති මනුෂ, මහින්ද රාජපක්ෂ මහතා අමතමින් කියා ඇත්තේ “පේනව නේද සර්, සර්ලගෙම එවුන් දැන් සර්ට සලකන හැටි” කියාය.

නමුත් මෛත්‍රීගෙන් ගොඩ ගියේ ඔහු වෙනුවෙන් පෙනීසිටි නිරූපමා නොව මෛත්‍රීගේ කකුලෙන් ඇද්ද මනුෂ නානායක්කාර වැනි ඩීල්කරුවන්ය. මීට ටිකකලකට ඉහතදී මනුෂ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබුණේ “මේ මට පාර්ලිමේන්තු එන්න ලැබෙන අන්තිම චාන්ස් එක. මේ ටිකේ මොකක් හරි ඩීල් එකකින් ගොඩ යන්න ඕන”යනුවෙනි. මනුෂට ඒ සඳහා මාවත මෛත්‍රී විසින් විවෘත කර දෙනලදී

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close