Breaking News
Home / Gossip / ජනපතිට බැන්න සුගත් කුමාර කවුද?ඔහුව අත් අඩංගුවට ගත් හැටි

ජනපතිට බැන්න සුගත් කුමාර කවුද?ඔහුව අත් අඩංගුවට ගත් හැටි

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට අපහාස කරමින් අධිකරණය තුලදීම එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම හේතුවෙන් පසුගිය ජනවාරි 25 වෙනිදා දින 14 කට රිමාන්ඩ් කළ අවස්ථාවේදී ඥානසාරට පක්ෂපාතීව ඉතාමත් නින්දිත නීච අමු තිත්ත කුරුහරුපයෙන් ජනාධිපතිවරයාටත් අතුරුදහන් එක්නැලිගොඩ මහතාටත් බැන වදිමින් තර්ජනය කෙරෙන තම වීඩියෝවක් ෆේස් බුක් සමාජ ජාලයේ ප්‍රචාරය කළ පුද්ගලයා මලයාසියාවේ සිට ලංකාවට පැමිණෙද්දී අද සවස කටුනායක ගුවන් තොටුපොලේ දී අත් අඩංගුවට ගෙන තිබේ.  

මෙම අත් අඩංගුවට ගැනීම කර තිබුනේ අධිකරණයෙන් ලබා ගත් වරෙන්තුවක් මත රහස් පොලිසිය විසිනි. 

සමාජ ජාලයක තබා පුද්ගලිකව හෝ කිසිවෙකුට තවත් පුද්ගලයෙකුට තර්ජනය කළ නොහැකිය. ජනාධිපතිවරයාටද එම පුරවැසි අයිතිය හිමිය. එසේ තිබියදී ඉහත කී පුද්ගලයා එම වීඩියෝවේ ජනාධිපතිවරයාට පමණක් නොව දැනට අතුරුදහන් වී සිටින ප්‍රගීත් එක්නැලිගොඩට පවා බැන වදින නීච ආකාරය ශිෂ්ඨ සම්පන්න කිසිවෙකුට අසාගෙන සිටිය නොහැකි තරම්ය. 

රහස් පොලිසිය අත් අඩංගුවට ගත් පුද්ගලයා ලක්මහ ආරච්චිගේ සුගත් කුමාර ලක්මහ නමැත්තෙක් වන අතර වයස අවුරුදු 42 කි. ඔහු යක්කල පහල වීදියේ පදිංචි කරුවෙකි. 

මෙම සුගත් කුමාර නමැත්තාගේ තර්ජනය කිරීමෙන් චූන් වූ තවත් කාන්තාවක්ද ඒ ආකාරයෙන්ම නීච ලෙස බැන වදින වීඩියෝවක් ඉන්පසුව සමාජ ගත කළාය. ඥානසාරලා තම අනුගාමිකයන්ට උගැන්වූ සංස්කෘතිය නිමා කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ශිෂ්ඨ සමාජය ඇය ද එන තුරු බලා සිටී. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

One comment

  1. තර්ජන කරන්න බැහැ….ඒත් අපහාස කරන්න….. බොරු කියන්න පුලුවන්ද ආයුබොවන්?…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close