Breaking News
Home / Gossip / මෛත්‍රි -රනිල් වෙනස සැප නෑ – උනුත් හොරු මුන් කම්බ හොරු …

මෛත්‍රි -රනිල් වෙනස සැප නෑ – උනුත් හොරු මුන් කම්බ හොරු …

පසුගිය පාලනය මෙන්ම වර්තමාන පාලනයද කොමිස් මුදල් මත පදනම්ව කටයුතු කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා .එහි නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක සදහන් කලේ ,නායකයා මාරු වුණාට ,ආණ්ඩුව මාරු වුණාට එකම පාලන තන්ත්‍රයක් ක්‍රියාත්මක වන බවයි.

මේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබද අවධානය යොමු කරනවා වෙනුවට කොමිස් මුදල් වලට යට වෙමින් කටයුතු කරන බවට ඔහු චෝදනා කලා .පැවති ආණ්ඩුවේ මෙන්ම වත්මන් පාලකයන්ද කොමිස් මත පදනම්ව කටයුතු කරන අතරම මේ පාලකයන් සියළු දෙනා ඉතිහාසය පූරාවටම සිදු කර ඇත්තේ ජනතාව රැවටීම පමණක් බවද ඔහු සදහන් කලා.

මේ අතර මන්ත්‍රිවරයා බණ්ඩාරවෙල පැවති ජන හමුවකටද සහභාගි වූවා .

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

ආණ්ඩු හදන්නේ ඉන්දියාව .ආණ්ඩු පෙරලන්නේ ඉන්දියාව .පක්ෂ කඩන්නේ ඉන්දියාව .ඒ නිසා තව තවත් අපේ රට ගිල ගැනීම සදහා ගිවිසුමක් හදලා තියනවා එක්ටා කියලා .දැන් රනිල් වික්‍රමසිංහ කෑ ගැහුවාට එයාලට බහුතරය තියනවා කියලා එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ .එක්සත් ජාතික පක්ෂයට ඉන්නේ මන්ත්‍රිවරු 106 යි .පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි ගාණ රටේ ඔළු ගෙඩි ගාන නෙමෙයි කියලා රනිල් වික්‍රමසිංහ මතක තියා ගන්න ඕන.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close