Breaking News
Home / Gossip / චතුරට වැඩ වරදියි

චතුරට වැඩ වරදියි

පොලිස්‌ නිලධාරියකුට බැණ තර්ජනය කර සාපරාධී ලෙස බියගැන්වීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාට එරෙහිව රාගම පොලිසිය ඊයේ (24) මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවා. සේනාරත්න මහතා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමෙන්තුවට තේරීපත්වූ අයෙක්.

 

මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා දෙකක්‌ යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබෙනවා.

 

2015  සැප්තැම්බර් 14 දා රාගම පොලිස්‌ ස්‌ථානයට ඇතුළු වී සේවයේ නිරතව සිටි උප පොලිස්‌ පරීක්‍ෂක බණ්‌ඩාර නමැත්තාට බැණ තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකරුට එරෙහි චෝදනා ගොනුකර ඇති අතර සිද්ධියට අදාළව ඔහු මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close