Breaking News
Home / Gossip / ගෝඨාභය සෙබලෙක්ව පයින් ගසා මැරුවා – ෆොන්සේකා කියයි

ගෝඨාභය සෙබලෙක්ව පයින් ගසා මැරුවා – ෆොන්සේකා කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ හමුදාවේ සිටින සමයේ දී සිදු වූ සෙබළ මරණයක් පිළිබඳව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකරනු ලැබුවා

 

හිටපු ආරක්ෂක ලේකම්වරයා සිංහ රෙජිමේන්තුවේ සිටින කාලයේ දී සෙබළ කණ්ඩායමක් රැගෙන වනාන්තරයට ගිය බවත් එය යුද්ධය සඳහා සම්බන්ධ ගමනක් නොවන බවයි ෆොන්සේකා මහතා පැවසුවේ.

 

එහි දී එක් සෙබළෙකුට පපුවේ අමාරුවක් සෑදී රෝගී වූ අවස්ථාවේ දී එම සෙබළාව බිම දිගේ ඇදගෙන යන ලෙස රාජපක්ෂ මහතා අනෙක් සෙබළුන්ට අණ කළ බවත් එසේ ඇදගෙන යන අතරතුර දී ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ රෝගී සෙබළාට පයින් පහර දෙමින් ගමන් කළ බවත් හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් අනාවරණ කළා.

 

අවසානයේ රෝගී වූ සෙබළා මියගිය බවත් එහි දී කෝපයට පත් වූ අනෙක් සෙබළුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහර දුන් බවත් පැවසූ ෆොන්සේකා මහතා, මෙවන් සිදුවීමක් සිදුවුවහොත් එයට සම්බන්ධ නිලධාරියෙකුගේ හමුදා ජීවිතය එතැනින් අවසාන විය යුතු නමුත් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන බලපෑම මත ගෝඨාභය රාජපක්ෂ මහතා තව දුරටත් යුධ හමුදාව තුළ රැඳී සිටි බවත් සදහන් කළා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close