Breaking News
Home / Gossip / ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනම්

ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනම්

ඇවන් ගාර්ඩ් නඩුවට සම්බන්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුටවිදෙස් ගමන් තහනමක් අද පැනවනු ලැබුවා.

නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහන් පිලපිටිය මහතා ඉදිරියේ.

 

2012  8- 7 හා 2015- 1- 8 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට එරෙහිවයි මෙම නඩුව  ගොනු කර ඇත්තේ.  මෙම නඩුවට අදාල පැමිණිල්ල ඉදිරිපකත් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින්.

විනිසුරුවරයා විසින් විත්තිකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල්  ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරිර ඇප 02 මත  ඇප නියම කළා. මේ අතර විත්තිකරුවන් විදේස් ගමන් තහනම් කළ අතර පළමු සහ තුන්වන විත්තිකරුවන්ට ඔක්තෝබර් 03 වැනිදා අධිකරණයේ පෙනි සිටින ලෙස දැනුම් දුන්නා. පළමු විත්තිකරු ‍ගෝඨාභය රාජපක්ෂ  මහතා වන අතර තුන්වන විත්තිකරු වන්නේ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතායි. නඩුව දෙසැම්බර් මස පළමු වැනිදා යලි කැදවිමට නියමිතයි.   

අද උදෑසන නමයට නඩුව විභාගයට ගැනුණද අල්ලස් කොමිසමෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු ලිය කියවිලි නොමැති හේතුවෙන් අද පෙරවරු 11.30 දක්වා නඩුව කල් තබනු ලැබුවා. ඉන් අනතුරුව පෙරවරු 11.30 යළිත් නාඩුව කැඳවු අවස්ථාවේදි විනිසුරු ගිහන් පිලපිටිය මහතා විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද උසාවියට පැමිණ තිබුණා.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close