Breaking News
Home / Gossip / ගෝඨාභය අත් අඩංගුවට ගැනිමට සියල්ල සුදානම්

ගෝඨාභය අත් අඩංගුවට ගැනිමට සියල්ල සුදානම්

අල්ලස් කොමිසට ලැබි තිබු පැමිණිල්ලකට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයාව තව නොබෝ දිනකින් අත් අඩංගුවට ගැනිමට නියමිත බව වාර්තා වේ.ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලට පදනම්ව ඇත්තේ ඇවන්ට්ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගම සහ රාජ්‍ය සමාගමක් වන රක්නා ලංකා ආරක්ෂක සමාගම අතර වූ ගිවිසුම අනුමත කිරීම නිසා රටට ලැබිය යුතු ආදායමක් අහිමි කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකි. රක්නා ලංකා සමාගම විසින් සිදු කරනු ලැබ ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බරපතළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් ද විමර්ශන කටයුතු සිදු කරමින් තිබිණි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close