Breaking News
Home / Gossip / ගෝටාභය මෛත්‍රී පිලට

ගෝටාභය මෛත්‍රී පිලට

හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මෛත්‍රී පිලට එකතු වීමට මේ වන විට සකාච්ච්ජා ආරම්භ කොට තිබෙනවා .මෛත්‍රී  ජනාධිපතිවරයා සහ ගෝටාභය රාජපක්ෂ එක කිරීමේ සකාච්ච්ජා වල අතරමැදි කරුවා වී සිටින්නේ මිලින්ද මොරගොඩයි.මිලින්ද මොරගොඩගේ පාත් ෆයින්ඩර් අරමුදල හරහා මෙම සියලු සකාච්ච්ජා වල වියදම්ද දරමින් ඇත.

කෙසේ නමුත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව මේ වන විටත් පවසා ඇති අතර ඒ අනුව ශ‍්‍රීලනිපයේ මීළඟ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා ගැනීමේ මෙහෙයුමක් මේ වන විට දියත්ව පවතී. මේ බව පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් හඬ නම් සංවිධානය පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු විසින්ම හෙළිදරව් කළ බව වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර තිබිණි.

එමෙන්ම ජනාධිපතිවරයා සමඟ ගැටුමකට නොයා ඔහු හා එකඟතාවයෙන් කටයුතු කළ යුතු බව ඔහුගේ බුද්ධි මණ්ඩලය දැනුම් දී තිබේ. පා ගමනට සහභාගි නොවීම ද ඒ අනුව සිදුව තිබෙන බව ද දැන ගැනීමට ඇත.

චීනයේ CICIR ආයතනයේ මැදිහත් වීම සහ වුවමනාව මත චීන රජය සමඟ සමීප රාජපක්ෂ පවුලේ සාමාජිකයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ‍්‍රීලනිපයේ මීළඟ නායකත්වයට ගෙන ඒම චීනයේ කලාපීය භූ දේශපාලනික සැලසුම් සාර්ථක කර ගැනීම සඳහා අතිශය වැදගත් සාධකයක්  ලෙස සලකා මෙම සම්බන්ධය ගොඩනැගීමට චීනය උනන්දු වන බව බටහිර තානාපති අංශවල අදහස වී තිබේ.

මෙම දේශපාලන සබැඳියාව වෙනුවෙන් කටයුතු කරන මිලින්ද මොරගොඩ මහතා පසුගිය මැයි මාසයේ දී අදාළ චීන ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇති අතර පසුගිය

දා පාත්ෆයින්ඩර් ආයතනයේ නියෝජිතයන් 6 දෙනකු ද මෙම CICIR ආයතනයේ පැවති සාකච්ඡාවක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබිණි.

මෙම ආයතනය චීනයේ විදේශ ප‍්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් වඩාත්ම බලපෑම්සහගත ආයතනයක් ලෙස සැලකෙන අතර චීන පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන බුද්ධි මණ්ඩලයකි.  මෙහි  400 දෙනකු පමණ සේවය කරන අතර ජ්‍යේෂ්ඨ විශ්ලේෂකයන් 150 දෙනෙක් සේවය කරති. මෙහි ප‍්‍රධාන දෙපාර්තමේන්තු 11 යටතේ චීනයේ ජාතික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් විශ්ලේෂණ සහ නිර්දේශ සිදු කිරීම කරනු ලබයි. Institute of South and Southeast Asian Studies යටතේ ශ‍්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනය සිදු කෙරේ. මෙය චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය සමඟ ඍජුව සම්බන්ධිත ආයතනයක් වන අතර මේ ආයතන බිහි කිරීම ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන්  චීනයේ  බුද්ධි අංශවල වුවමනාවක් අනුව සිදු කෙරුණක් ද වන බව පැවසේ. මෙහි නියෝජිතයන් ලෝකයේ රටවල් ගණනාවක නේවාසිකව කටයුතු කරන බවත් ඔවුන් නිරන්තරයෙන්ම දුරකථන කෙටි පණිවිඩ හරහා එම රටවල තොරතුරු චීනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් වෙත ලබා දෙන බවටත් තොරතුරු විදේශ මාධ්‍ය අනාවරණය කර තිබේ.

සිරස රූපවාහිනී ජාලයේ අධිපති කිලී මහරාජා මහතාගේ අතිශය සමීපතම මිතුරකු වන මිලින්ද මොරගොඩ මහතා පසුගිය දා ඇති වූ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ ප‍්‍රශ්නයේ දී ද  තම ආයතනයේ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාව එම ධුරයට නම් කිරීම සඳහා යෝජනා කර තිබූ බව වාර්තා වන අතර එහි දී  සියලූ පාර්ශ්වයන්ගේ එකඟතාව ඊට හිමි වූ බැවින් එම පත් වීම සිදු කරනු ලැබීය. එසේම චීනය මෙරට ක‍්‍රියාත්මක කරන විශාලම ව්‍යාපෘතිය වන වරාය නගරය සම්බන්ධයෙන් මෙරට ජනතාව තුළ සුබවාදී මතයක් ඇති කිරීමේ මාධ්‍ය ප‍්‍රචාරක කොන්ත‍්‍රාත්තුව ද ඉටු කරනු ලබන්නේ සිරස රූපවාහිනී ජාලය විසිනි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close