Breaking News
Home / Gossip / “ගූගල් ලූන්” කඩා වැටෙයි – ගම්පොළ කැළඹෙයි- VIDEO

“ගූගල් ලූන්” කඩා වැටෙයි – ගම්පොළ කැළඹෙයි- VIDEO

දකුණු ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එවපු “ගූගල් ලූන්” වායු බැලූනය ඊයේ රෑ 7.30ට විතර ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයට වැටිලා තියෙනවා.

පුපුරැස්ස ප්‍රදේශයේ ගහක පැටලිලා තමයි මේ වායු බැලූනය කඩා වැටිලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රදේශවාසීන් පුපුරැස්ස පොලිස්වසමට මේ ගැන දැනුම් දීලා තියෙනවා. ඒ අනුව පොලීසිය සහ ප්‍රදේශවාසින් එකතුවෙලා අද (18) අලුයම 1.30ට මේ බැලූනය පුපුරැස්ස පොලිස් මුරපොළට ගෙනියලා තියෙනවා.

ඒ වෙන කොටත් මේ වායු බැලූනයට සවිකරලා තිබුනු උපකරණයක් ද ක්‍රියාත්මක වෙමින් තිබුනා කියලා තමයි අප වාර්තාකරුවන් කිව්වේ.

පහුගිය 15 වැනිදා දකුණු ඇමෙරිකාවේ සිට එපු මේ වායූ බැලූනය එවීමේ මූලික පරමාර්ථය ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කිරීමටයි.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close