Breaking News
Home / Gossip / ගුවන් සහ නාවික හමුදාපතිවරුත් එරෙහි වෙයි.නැගෙනහිර මහ ඇමති ගෙදර යන ලකුනු

ගුවන් සහ නාවික හමුදාපතිවරුත් එරෙහි වෙයි.නැගෙනහිර මහ ඇමති ගෙදර යන ලකුනු

නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් මහතාට නාවික, ගුවන් හෝ යුද හමුදා කඳවුරකට ඇතුළු වීම තහනම් කර ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලවි මහතා පැවසුවේ, නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව ය.

ඊට අමතරව නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා සහභාගීවන කිසිඳු උත්සවයකට යුද, ගුවන් හා නාවික හමුදාව සහභාගී නොවීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ත්‍රිකුණාමලය සාම්පූර් මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අදාළ නාවික හමුදා නිලධාරීවරයාට, නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ලබා දුන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.දැනට ලැබෙන තොරතුරු අනුව නැගෙනහිර මහ ඇමතිවරයාට සිය තනතුරෙන් ඉල්ලා අස් වන ලෙස බොහෝ දෙනා පවසා ඇත.හමුදාවට සිදුවු අසාධාරනය වෙනුවෙන් ඔහු සිය තනතුරෙන් ඉවත් විමට ඉඩ ඇති බවයි වැඩි දුරටත් වර්තා වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close