Breaking News
Home / Gossip / ගහගත් අයට මන්ත්‍රී ධුර අහිමි වෙයි?

ගහගත් අයට මන්ත්‍රී ධුර අහිමි වෙයි?

පාර්ලිමේන්තුව තුළ කලහකාරී ලෙස හැසිරුණු තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්යේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක මහතා අද (04දා) දින පැවැසීය.

පාර්ලිමේන්තුව තුළ කලහකාරීලෙස හැසිරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයට අයිතිය තිබෙන බවත්, එවැනි ක්‍රියාමාර්ගයකට පිවිසියහොත් එම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමට බලය තිබෙන බවත් කියා සිටි දිසානායක මහතා එසේ වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහිමිවන බවද ප්‍රකාශ කළේය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස්  පළ කෙරිණි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close