Breaking News
Home / Gossip / ගම්මන්පිලට වැඩ වරදින ලකුණු.අධිකරණයට අපහාස කරයි

ගම්මන්පිලට වැඩ වරදින ලකුණු.අධිකරණයට අපහාස කරයි

දැනට ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල “උතුරේ තවමත් ක්‍රියාත්මක වන්නේ කොටි උසාවි යැයි“ කියමින් ශ්‍රී ලංකාවේ අධිකරණයට අපහාස කර තිබේ.

 ඔහු මෙසේ කීවේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ය. 

යාපනය සරසවියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් එහි සිසු සංගම් නායකයා අධිකරණයට බාර වීමෙන් පසු අධිකරණය විසින් ඔහුට ඇප ලබා දීම වැරදි යයි කියමින් කැළණිය සරසවියේ නවක වදය දුන් සිසුන්ට ඇප ලබා නොදී තිබියදී යාපනය සිසු සංගම් නායකයාට ඇප ලබා දුන් යාපනය අධිකරණය කොටි උසාවියක් යැයි ගම්මන්පිල ප්‍රකාශ කෙළේය. 

තමා කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාසයක් නොවේ යයිද ඔහු දන්නා නීතිය අනුව විග්‍රහයක්ද කෙළේය. ඒ අනුව ඔහු කියා සිටියේ අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමට අයිතියක් ඇති බවයි.

ගම්මන්පිලගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් විමසා සිටියේය. එහිදී ඔහු කියා සිටියේ ගම්මන්පිල නීතිය විකෘති කර ඇති බවත් ඔහු පැහැදිලිවම අධිකරණයට අපහාසයක් කර ඇති බවත්ය.

විශ්‍රාමික විනිසුරුවරයාගේ මතය අනුව අධිකරණ තීන්දුවක් විවේචනය කිරීම අධිකරණයට අපහාසයක් නොවන නමුත් එය “යටි අරමුණක් වෙනුවෙන්“ කරන්නේ නම් එහිදී අධිකරණයට අපහාසයක් සිදුවේ. ගම්මන්පිල මෙහිදී සිදුකර ඇත්තේ එකී ‘යටි අරමුණක් වෙනුවෙනි. අනෙක් අතට අධිකරණයක් ‘කොටි උසාවියක්‘ කීම තීන්දුවක් විවේචනය කිරීමක් නොවේ. එය පැහැදිලිවම අධිකරණය අපහාසයට ලක් කිරීමකි. 

කැළනිය සිසුන් පිළිබඳ තීන්දු දුන්නේ මහර අධිකරණයෙන් වන අතර යාපනය සිසුවා සම්බන්ධයෙන් තීන්දු දුන්නේ යාපනය අධිකරණය විසිනි. අධිකරණ කලාප දෙකක විනිසුරුවරුන් දෙදෙනෙකු දුන් තීන්දු සන්සන්දනය කිරීමද වැරදි බවද හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කෙළේය. 

ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ උදය ගම්මන්පිල නීතිඥයෙකු බැවින් ඔහුට අධිකරණ තීන්දු විවේචනය කළ නොහැකි බවත් ඔහු කළ යුත්තේ ලබා දුන් තීන්දුවක් වැරදි නම් ඊට ඉහල අධිකරණයට යෑම බවද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයා කීය.අධිකරණ තීන්දුවක් සාධාරණ ලෙස විවේචනය කළ හැක්කේ විශ්‍රාමික විනිසුරුවරුන්ට, නීතිය පිළිබඳ පත පොත ලියා ඇති ප්‍රාමානික නීති විශාරදයන්ට, සහ නීතිය සහ අධිකරණය ගැන කලක් තිස්සේ සාධාරණ විවේචන ඉදිරිපත් කරන මාධ්‍යවේදීන්ට බවද එසේ නොමැතිව හැමෝටම එසේ කිරීමට ඉඩක් දී නොමැති බවද ඒ අනුව උදය ගම්මන්පිල අධිකරණයට අපහාස කර ඇති බවද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර යාපනය සිසුවා වෙනුවෙන් ටීඑන්ඒ මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණයේ පෙනි සිටීම අන්තවාදී ජාතිවාදී දේශපාලකයෙකු අන්තවාදය වෙනුවෙන් ඉදිරිපත් වීමක් ලෙස උදය ගම්මන්පිල එම මාධ්‍ය හමුවේදී  ප්‍රකාශ කර තිබිණ. මේ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු කියා සිටියේ අපූරු කතාවකි. උදය ගම්මන්පිල ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහාර සිල්වාගේ ෆයිල් මිටිය උස්සාගෙන පස්සෙන් ගියා මිස කිසිදු නඩුවක් අධිකරණයට ඉදිරිපත් කර නැති (submission) නමුත් සුමන්තිරන් මහතා දැනට ලංකාවේ ආන්දෝලනාත්මක නඩු 300-400 ක් අතර සංඛ්‍යාවක් අධිකරණයට ඉදිරිපත් කර (submission) බොහෝ නඩු ජය ගත් කීර්තිමත් නීතිවේදියක් බවයි. උදය ගම්මන්පිල නීතිඥයෙකු ලෙස අධිකරණයට submission කළ එකදු නඩුවක් හෝ පෙන්වා දුනහොත් තමන් නීතිඥ වෘත්තියෙන් සමුගන්නා බවද ගම්මන්පිල නොදන්නා දේවල් කතා නොකර ජනතාව ජාතිවාදයෙන් උසි ගන්වන්නේ නැතිව සිටී නම් රටට යහපතක් බවද ජ්‍යෙෂ්ඨ නීතිඥයා පැවසීය.

ගම්මන්පිල අධිකරණයට අපහාස කළ හැටි පහතින් ඇසිය හැක

ඩේටා ඉතිරි කර ගැනීමට හඬ පමනක් අසන්නේ නම් මෙතැන ක්ලික් කරන්න

වීඩියෝව පහතින්

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close