Breaking News
Home / Gossip / කෝටි 78 ක් රටට අහිමි කළ රාජපක්ෂගේ කොළඹ ඉඩම් දූෂණයක් ගැන යහපාලන කැබිනට්ටුව ගොලුවෙයි

කෝටි 78 ක් රටට අහිමි කළ රාජපක්ෂගේ කොළඹ ඉඩම් දූෂණයක් ගැන යහපාලන කැබිනට්ටුව ගොලුවෙයි

මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරණය කටේ තබා  රටට රුපියල් කෝටි 78 ක් අහිමි කරමින් සිදුකරන ලද බරපතල රජයේ ඉඩම් දූෂනයක් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහද දැන දැන එය ඉදිරියට ගෙන යෑමේ කාලකන්නි පුවතක් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය විසින් වාර්තා කරයි. 

කැලේ සිටින අලින් පවා තමන්ගේ බූදලය සේ සලකා නීති විරෝධීව සන්නස් පත්‍ර මගින් හිතවතුන්ට පිරිනැමූ මැදමූලන මහින්ද රාජපක්ෂ නමැති දූෂිත පාලකයා විසින් ජනවාරි 8 ජනාධිපතිවරණය කටේ තිබියදී විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් කොළඹ වටිනා පර්චස් 130 ඉඩමක් තම හිතවත් ව්‍යාපාරිකයෙකුට පවරා දුන්නේය. 

එකී ව්‍යාපාරිකයා නම් කැන්ඩි ටයර් හවුස් අධිපති දේශමාන්‍ය එම් ඒ ගුණතිලක ය. 

ඉඩම පිහිටියේ ඉතා අධික වෙළඳ වටිනාකමක් ඇති කොළඹ 2 ප්‍රදේශයේ ය. එය වොක්ෂොල් වීදියේ සිට බේරේ වැව දක්වා විහිදී ගිය පර්චස් 130 ක රජයට අයත් ඉඩමකි. එම ප්‍රදේශයේ දළ වෙළඳ වටිනාකම පර්චසයක් රුපියල් මිලියන 12 ක් පමණ වුවද මහින්ද රාජපක්ෂ විසින් මෙය පවරා දුන්නේ පර්චසයක් රුපියල් මිලියන 6 ක් තරම් හරි අඩක් අඩු වටිනාකමකිනි. 

මෙවන් අඩු ලන්සු වලදී මිලියන ගණනක් රාජපක්ෂලාගේ සාක්කුවට දැමීමට ව්‍යාපාරිකයෝ සූදානම් වී සිටියහ.

ජනවාරි 8 වෙනිදා මැදමූලන රාජපක්ෂ පරාජය වී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් විය. ඒ සමග මෙකී දූෂිත කැබිනට් පත්‍රිකාවේ ගනුදෙනුව යට ගියේ ය. සිදුකෙරුනේ නැත.

රාජපක්ෂගේ වනචර දශකයේදී සිටි ඩීල් කරුවන් වෙනුවට නව ඩීල් කරුවන් පිරිසක් යහපාලන ආණ්ඩුවත් සමග මතු වී ආ බව රටට නොරහසකි. මෙහිදී කැපී පෙණෙන එක් ඩීල් කරුවෙක් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙක් වන චන්න වික්‍රමසිංහ නමැත්තා ය. මෙකී චන්න වික්‍රමසිංහ ඉහත කී වොක්ෂෝල් වීදියේ ඉඩම් ගනුදෙනුවට මැදිහත් විය. ඒ අනුව දැන් මහින්ද රාජපක්ෂගේ දූෂිත කැබිනට් පත්‍රිකාව ඒ ආකාරයෙන්ම යලි ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් කර තිබේ. එනම් රුපියල් මිලියන 12 ක් පමණ වටිනා පර්චසයක් රුපියල් මිලියන 6 බැගින් පර්චස් 130 ක් කැන්ඩි ටයර් හවුස් අධිපතියාට පවරා දීමට දැන් සියල්ල සූදානම් ය. කෝටි 78 ක් රටට අහිමි වන්නේය.

යහපාලන කැබිනට් මණ්ඩලය මගින් සිදුකළ යුතුව තිබුනේ ක්‍රියාත්මක නොවී තිබූ රාජපක්ෂගේ දූෂිත කැබිනට් පත්‍රිකාව අවලංගු කර එය යලි සලකා බැලීමය. අගනුවර වටිනා රජයේ ඉඩම් ව්‍යාපාර සඳහා පැවරිය යුත්තේ විවෘත ටෙන්ඩර් පටිපාටියකින් අනතුරුව ය. ලංකා ඊ නිව්ස් ලංකාවේ ව්‍යාපාරිකයන් සමග වෛරයක් නැත. කැන්ඩි ටයර් හවුස් අධිපතියාගේ ව්‍යාපෘතිය සාර්ථක එකක් නම්  එම ඉඩම ඔහුටම දුන්නද කම් නැත. නමුත් එය දිය යුත්තේ අද පවතින වෙළඳ වටිනාකමට මිස ඉන් හරි අඩක් අඩුවට නොවේ. රජයට පාඩු ලබමින් රනිල් වික්‍රමසිංහගේ සොහොයුරා චන්න වික්‍රමසිංහට ඉතිරි කුට්ටිය කටට වැටෙන ආකාරයට නොවේ. රජයට අයත් ඉඩම් යනු මහජනතාවට අයත් ඉඩම් මිස කොළඹ ඉපැදුනා කියා වික්‍රමසිංහලාට අයත් ඉඩම් වන්නේ නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට Mister Clean ලෙස ඉදිරියටත් තම කීර්ති නාමය තබා ගත යුතු නම් මලයාගේ මේ ඩීල් එක වහාම නතර කර පාරාදෘශ්‍ය භාවයකින් රාජ්‍ය ගණුදෙනුව යලි සිදුකළ යුතුය. ශ්‍රී ලංකාවේ ජනතාව ජනවාරි 8 දේදුනු විප්ලවය සිදුකෙළේ එක පවුලකින් තව පවුලකට ඩීල් දැමීමේ අවස්ථාව සලසා දීමට නොවන බව යහපාලන ආණ්ඩුවේ සෑම බක්කෙක්ම මතක තබා ගත යුතුය. 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close