Breaking News
Home / Gossip / කොළොන්නාවෙන් සෝලංගට හූ කියලා.

කොළොන්නාවෙන් සෝලංගට හූ කියලා.

බස්නාහිර පළාතේ කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාශයේ ආදේශක ගුරුවරුන් නොමැතිව ගුරුවරුන් වෙනත් කොට්ඨාශ වෙත මාරු කර යැවීමට විරෝධය පල කරමින් අද බස්නාහිර අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට දෙමව්පියන් හා කොළොන්නාව ප්‍රදේශවාසීන් පිරිසක් උද්ගෝෂණයක් පවත්වා තිබේ.

එහිදී උද්ගොෂකයන් චෝදනා කරනු ලැබුවේ මීට පෙර අදාල ගැටලුව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට යොමුකළ ද ඊට නිසි විසඳුමක් නොලැබුණු බවයි.

කෙසේ නමුත් අදාල ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා උද්ගොෂකයන් අතර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් වෙත බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා අවස්ථාව ලබා දී තිබේ.

මේ අතර මෙම ස්ථානයට පැමිණි ප්‍රසංග සෝලංගආරච්චි මහතා උද්ගෝෂකයන් වෙත බැන වැදී  අදාල විරෝධතාවය නවතා දමන ලෙස පවසා තිබේ.

නමුත් අවසානයේ උද්ගෝෂකයන්ගේ හූ හඬ හමුවේ හමුවේ ඒ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ඇතැයි ද වාර්තා වේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close