Breaking News
Home / Gossip / කොස්ගම පිපුරුම අහඹු පිපුරුමක් නෙමේ.ඇසින් දුටු සාක්ෂි හමු වෙයි.වහාම CIDය කැදවයි.

කොස්ගම පිපුරුම අහඹු පිපුරුමක් නෙමේ.ඇසින් දුටු සාක්ෂි හමු වෙයි.වහාම CIDය කැදවයි.

කොස්ගම සිදුවු පිපුරුම ඇසින් දුටු හමුදා සෙබලුන් කිහිප දෙනෙකු අමුතු අකාරයේ පිලිතුරක් ලබා දි ඇත.ඒම පිපුරුම අහඹු පිපිරිමක් නොවන බවත්ය.මේය කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව සිදු කරන ලද පිපුරුමක් බවයි වැඩි දුරටත් වර්තා වන්නේ.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ගින්නක් අවි ගාබඩාවට ඇතුල් විමට හැකි බවත් කිසි විටත් ගින්නන් අවි ගබඩාවෙන් ආරම්භ විය නොහැකි බවත්ය.පලවෙනි පිපිරිමම අවි ගාබඩාවෙන් පැමිණිම සැක සහිත් බවත් එසේ සිදු වන්නේ නම් කවුරු හෝ අවි ගබඩාව තුල පිපුරුම ඇති කල යුතු බවත් හමුදා කදවුරේ සෙබලුන් පවසනවා.මේ අතර යුධ හමුදාපතිවරයා පැවසුවේ තමන්ට ජනපතිතුමා දුරකථනය ඔස්සේ කතා කල බවත් අන් කිසි දිනකට වඩා ජනපතිවරයා ඉතා දැඩි අන්දමකින් තමන්ට කතා කල බවත්ය.ඊයේ රාත්‍රියේම මේම ගින්න මැඩ පැවැත්විය යුතු බවත් ජනතාව ඉන් පසු නැවත පදිංචි කල යුතු බවත් මෙම පිපුරුම කෙසේ සිදු විද යන්න අනිවාර්යෙන්ම ජනපතිවරයාට දැන ගත යුතු බවත් ඉත දැඩිව තමන්ට ප්‍රකාශ කල බව යුධ හමුදා පති වරයා කියා සිටියා.මේ පිලිබදව වහාම පරික්ෂනයක් පවත්වන ලෙස අගමැතිවරයා රහස් පොලිසියට දන්වා ඇත.

මේ අතර යුද හමුදාවේ කොස්ගම මධ්‍යම උණ්ඩ ගබඩාව සම්පූර්ණයෙන් පුපුරා යෑම සිතාමතා කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි යැයි උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධ විදේශීය විශේෂඥයෙකු  ප්‍රකාශ කෙළේය.

ඊට සාක්ෂි ලෙස ඔහු පවසන්නේ මෙම පුපුරා යෑම ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස දැනට ප්‍රකාශ වී ඇති කරුණු අනුව සහ ඊට අදාල ඇසින් දුටු අයගේ ප්‍රකාශ අනුව තේරුම් යන බවයි. 

ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස හඳුන්වන්නේ කුඩා පරිමාණ උණ්ඩ ගබඩාවේ සිට මහා පරිමාණ උණ්ඩ ගබඩාව දක්වා පැතිරුණු පිපිරීමකි. මහා පරිමාණ උණ්ඩ ගබඩා පවතින්නේ පොලොවෙන් යටය.  මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති ක්‍රියාන්විතයක් පුපුරුවා හැරීම නිසා යැයි අපගේ විදේශීය විශේෂඥයාගේ මතයයි. 

ලෝකයේ ඕනෑම අවි ගබඩාවක ආරක්ෂාවේ කෙළවර අවසානයේ එය පුපුරුවා හරින ක්‍රම වේදයක්ද අඩංගු වේ. 

එවැනි ක්‍රම වේදයක් ස්ථාපනය කරන්නේ සටනකදී අවි ගබඩාව සතුරා අතට පත්වන්නට යන්නේ නම් පළා යෑමට පෙර අවි ගබඩාව සතුරා අතට පත්වන්නට ඉඩ නොදී සියල්ල පුපුරුවා හැරීමේ ක්‍රමයක් සහිතව ය. 

මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට  බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය. 

කොස්ගම අවි ගබඩාව මේ ආකාරයෙන් ගිනිගෙන විනාශ වී ඇත්තේ පෙර කී ලෙස අවි ගබඩාවක් සතුරා අතට පත් වීමට පෙර විනාශ කරන ක්‍රමාණුකූල ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීමෙන් බවට සැක පහල වන්නේ යැයි  අදහස් දැක්වූ පෙර කී විශේෂඥයා පැවසීය. 

ඊට හේතු කාරණා රාශියකි. ඇසින් දුටුවන් පවසන්නේ විශාල ශබ්දයක් සමග සුළු අවි ගබඩා දෙසින් පිපිරිමක් ඇතිවූ බවත් පසුව එය බර අවි උණ්ඩ ගබඩා දක්වා පැතිරී ගිය බවත්ය. 

මෙවැන්නක් නිකම්ම ඇති විය නොහැකිය. එනම් පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක විය යුතුමය. ලංකාවේ කොළඹ ඊයේ උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30.6 ක්ව තිබියදී උෂ්ණත්වය සාධකයක් වී පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරයක් ක්‍රියාත්මක විය නොහැක. 

එසේ නොවී නම් මෙවැනි පුපුරුවා හැරීමක් සඳහා අත්‍යාවශ්‍ය චාජරය කිසිවෙකු විසින් ක්‍රියාත්මක කළ යුතුමය. 

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පූර්ණ ආරක්ෂාව සහිතව ස්ථාපනය කරන ලද සාලාව උණ්ඩ ගබඩාව ඊයේ සවස පුපුරා යෑම පරිපූර්ණ කුමන්ත්‍රණයක් විය හැකි බව වි‍ශේෂඥයාගේ මතයයි

මේ පිලිබදව තහවුරු කර තවත් තොරතුරු අප සතුව ඇතත් ආරක්ෂක අමාත්‍යංශයෙන් මේ පිලිබදව නිල නිවේදනය නිකුත් කරන තුරු අපට ඒම තොරතුරු ලබා දිය නොහැක.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close