Breaking News
Home / Gossip / කුසල් සහ චමින්ද ලොඩ්ස්‌ පිටියට

කුසල් සහ චමින්ද ලොඩ්ස්‌ පිටියට

එංගලන්තය සමග ලබන 9 වැනිදා ලෝඩ්ස්‌ ක්‍රීඩාංගණයේදී ආරම්භවන තුන්වැනි ටෙස්‌ට්‌ තරගය සඳහා සහභාගි වීමට කුසල් මෙන්ඩිස්‌ සහ චමින්ද බණ්‌ඩාර දෙදෙනා අද (03 දා) එංගලන්තය බලා පිටත්ව යැමට නියමිතව තිබේ.

තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස්‌ වූ කුසල් පෙරේරා ලෝඩ්ස්‌ තරගයේදී බොහෝ දුරට ආරම්භක පිතිකරු වශයෙන් හෝ අංක හතපිතිකරු වශයෙන් ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතින බව වාර්තා වේ. කුසල් පෙරේරා කණ්‌ඩායමට එක්‌වීමෙන් ළහිරු තිරිමාන්නට හෝ දිමුත් කරුණාරත්නට දෙදෙනාගෙන් එක්‌ අයකුට ස්‌ථානය අහිමිවීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී.

මේ අතර පන්දු යෑවීමේ ඉරියව්ව පිළිබඳව සැකයකට භාජනය වී සිටින වේග පන්දු යවන ක්‍රීඩක ෂමින්ද එරංග වෙනුවට තෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී 29 හැවිරිදි චමින්ද බණ්‌ඩාරව ක්‍රීඩා කරවීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී.

චමින්ද බණ්‌ඩාර වමතින් මඳ වේග පන්දු යවන්නෙක්‌ වන අතර ඔහු පළමු පෙළ තරග 51 කදී කඩුලු 141 ක්‌ දවාගෙන තිබේ. පසුගිය පළමු පෙළ තරගවාරයේදී වරාය අධිකාරි කන්ඩායම නියෝජනය කරමින් යුද හමුදාවට එරෙහිව එක්‌ ඉනිමකදී ලකුණු 68 කට කඩුලු 9 ක්‌ දවා ගැනීමට චමින් සමත් විය.

කෑගල්ල ශාන්ත මේරි විදුහලේ ආදි සිසුවකු වන චමින්ද බණ්‌ඩාර ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌වු පළමු අවස්‌ථාවද මෙය වේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close