Breaking News
Home / Gossip / කුසල් වෙනුවෙන් මෝගන්

කුසල් වෙනුවෙන් මෝගන්

තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවලට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත්තට වසර 4 ක තාවකාලික තහනමක් පනවා ඇති බවත් දැනට කෙරෙන තාක්ෂණ පරීක්ෂණ දෙකෙන්ම කුසල් නිර්දෝෂී යැයි ඔප්පු වී ඇති බවත් ක්‍රීඩා ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියේය.

එමෙන්ම කුසල් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ක්‍රිකට් ආයතනය ඔහුගේ පෙනී සිටීමට කටයුතු කරන බවද ඒ සඳහා එංගලන්තයෙන් මෝගන් සෝසිසෝ ආයතනය පත්කළ බවද සභාපතිවරයා අවධාරණය කළේය.

දැනට පවතින තත්ත්වය මත කුසල්ගේ තාක්ෂණ පරීක්ෂණයේ අවසන් වාර්තාව අප්‍රේල් මස 20 වැනිදායින් පසුව ලැබීමට නියමිත බවත් මැයි මාසේ සතියක් අයි.සී.සී. යෙන් කුසල්ගේ තහනම පිළිබඳ විශේෂ ඉල්ලීමක් සිදුකරන බවද හෙතෙම පැවසීය

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close