Breaking News
Home / Gossip / කුසල් ගැන ඉක්මනින් තීරණයක් ලැබෙයි

කුසල් ගැන ඉක්මනින් තීරණයක් ලැබෙයි

තහනම් උත්තේජක ලබාගත් බවට  කරන පරීක්ෂණ ෙහ්තුෙවන් තාවකාලිකව තරග තහනමකට ලක්ව ඇති කුසල් පෙරේරා පිළිබඳව ඉක්මන් තීන්දුවක් ලැබේ යැයි තමන් අපේක්ෂා කරන බව ඔහුගේ කළමනාකරු රවී ද සිල්වා මහතා පැවසීය.

එසේම කුසල් හිතාමතා තහනම් උත්තේජක ලබා නොගත් බවට තමන්ට නියත වශයෙන්ම පැවැසිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය. සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන හෙයින් කුසල්ට තාවකාලික තහනමක් පනවා ඇති බවත්, ඒ හැරෙන්නට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වෙනත් කිසිදු තීරණයක් කුසල් පිළිබඳව ගෙන නොමැති බවත් හෙතෙම අනාවරණය කළේය.

කුසල්ගේ පැත්තෙන් වෛද්‍ය මෙන්ම, නීතියෙන් පරීක්ෂණ කිහිපයක් කළ බවත් ඉදිරියට ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ගත යුතු ක්‍රියාමාර්ග බවද කළමනාකරු සඳහන් කළේය.

“මේ වෙනුවෙන් ක්‍රියාවලියක් යනවා. අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් කුසල් තහනම් උත්තේජක දැනගෙන ගත්තෙ නෑ කියලා. මේ සම්බන්ධයෙන්ම ඉක්මනින්ම තීරණයක් ලැබෙවි” යැයි හෙතෙම පවසා සිටියේය.

මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ, විස්සයි20 ලෝක කුසලානය හේතුවෙන් අයි.සී.සී. කාර්ය මණ්ඩලය කාර්ය බහුල වීම හේතුවෙන් කුසල්ගේ සිදුවීමට වැඩි අවධානයක් යොමු නොවූ නමුත් තරගාවලිය නිමා වීම හේතුවෙන්  කුසල්ගේ සිදුවීම පිළිබඳව ඉක්මනින්ම අවධානය යොමුවනු ඇති බවයි.

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close