Breaking News
Home / Gossip / කුසල්ගේ පරික්ෂණවල දෝෂයක්.ICC ය පිලිගනි

කුසල්ගේ පරික්ෂණවල දෝෂයක්.ICC ය පිලිගනි

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කුසල් ජනිත්ට තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් තාවකාලික තරග තහනමක් පැණවුණා. ඒ, ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.

 

කෙසේ වෙතත් කුසල් ජනිත්ට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කරන බව, ඊයේ (11) රාත්‍රියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළා.

 

එහි සඳහන් වන්නේ, කුසල් ජනිත්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කළ ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියට අනුබද්ධිත පර්යේෂණාගාරය විසින් එම වාර්ථාව ඉල්ලා අස් කරගත් බවයි.

එම පරීක්ෂණයේ දෝෂ සහිත බවට, කුසල් ජනිත්ගේ පාර්ශවයෙන් සිදු කෙරුණු කරුණු දැක්වීම් හමුවේ තහවුරුව ඇති බවයි ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

ඒ හේතුවෙන් කුසල් ජනිත්ට නැවත ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන බව ද එම නිවේදනයේ සඳහන්.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියෙන් කරුණු විමසීමක් ද සිදුකරන බවයි. ඉදිරියේදී මෙවන් සිදුවීම් ඇති ‍නොවීම සඳහා පියවර ගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close