Breaking News
Home / Gossip / කුරුඳු පොලු මෙහෙයුම 2 හෙවත් 2*2 පොලු මෙහෙයුම/පාද යාත්‍රාවට රතු එළියක්

කුරුඳු පොලු මෙහෙයුම 2 හෙවත් 2*2 පොලු මෙහෙයුම/පාද යාත්‍රාවට රතු එළියක්

හෙට (28) සිට ආරම්භ වීමට නියමිත එකාබද්ධ විපක්ෂයේ පා ගමනට ජාතික යොවුන් පෙරමුණද රතු එළියක් දල්වා තිබෙනවා.ජාතික යොවුන් පෙරමුණේ උප සභාපති දිනේෂ් රවිචන්ද්‍රරාජා මහතා විසින් මෙලෙස ඒකාබද්ධ විපක්ෂයට අනතුරු හගවා තිබෙනවා.ඔහුගේ අදහස් පහතින් 

මේ රටේ ගොඩක් පාගමන් උද්ගෝශන පැවැත්වුවා සෑම පක්ෂයක් විසින්ම වගේ. ඒව ජනතා අයිතීන් රටේ සාමය දිනාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම මාධ්‍ය නිදහස දිනා ගැනීම ආදී විවිධ හේතූන් දක්වමින් පාගමන් පැවැත්වුව නමුත් එම ඉතිහාසය වෙනස් කරමින් හාස්‍ය ජනක පාගමනක් මින් පෙර එක් අවස්ථාවකදීත් සිදුවූ අතර දෙවැන්න මේ 28 වැනිදා හොරු රැක ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පෙලපාලියයි. අපේ රටේ බිහිවූ මෝඩ රජා හෙවත් “මරා” විසින් බඩු මිල ඉහල දමුපු අවස්ථාවේ එයට සහය පලකරමින් පැවැත්වූ පාගමන සහ හොරු රැක ගැනීම වෙනුවෙන් යන පාගමන ලෙස එම හාස්‍ය ජනක පාගමන් දෙක නම් කරන්න පුලුවන්. මම නිතරම පෙනී සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතුයි යන ප්‍රතිපත්තිය වෙනුවෙනුයි. ඒ වගේම කුමන හෝ හේතුවක් මත පහර දීමක් මම කිසිලෙසකින් සාධාරනීකරනය කරන්නෙ හෝ අනුමත කරන්නෙ නෑ. නමුත් මාගේ යම් අවශ්‍යතාවයක් මත එය බිඳ හෙලීමට සිදුවුනා. පලමුව පක්ෂෙ රැකීම කියන කාරණය නිසා කුරුඳු පොලු ප්‍රහාරය, එදා පක්ෂෙ කුරුඳු පොල්ලෙන් ආරක්ෂා කිරීම නිසා තමා අද පක්ෂෙ දෙකඩ නොවී අපිට රාජ්‍ය බලය ලබා ගන්න පුලුවන් උනේ අපේ අගමැති කෙනෙක් යටතේ. ඒ කුරුඳු පොල්ල නිසා තමයි එදා අපේ තාවකාලික විරුද්දවාදීන් ලෙස හිටපු අපේ ඒ පක්ෂෙ සහෝදරවරුන්ගේ දායකත්වයත් එක්ක අද ආන්ඩුවක් පිහිටුවන්න පුලුවන් උනේ.

දෙවනුව පාගමනක් නොව ජනාධිපතිවරනයේදී සිරිකොත ඉස්සරහ වීර සංගිලි පනික්කිරාලලාගේ විමලසේනගෙ හෙන්චයියො උද්ගෝශනයක් මුවාවෙන් සිරිකොතට පහරදීමට සැරසුනු වෙලාවෙ අපේ ප්‍රතිප්‍රහාරය නිසා අන්තිමට විමලෙගෙ ගෝල බාලයින්ට රෙදි නැතිව දුවන්න උනා. එම ප්‍රහාරයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙ මොරාල් එක වැඩි උනා එය අපිට ජයග්‍රාහී මානසිකත්වයෙන් වැඩකිරීමටත් අප නිවටයින් නොවේ යන්න සමාජගත කිරීමටත් ලොකු හේතුවක් උනා. ඉතින් පොලු ප්‍රහාර රට වෙනුවෙන් කිරීමේදී එය වරදක් හැටියට දැකීමක් ලෙස පැවති මාගේ වැරදි කෝණය මම නිවැරදි කරගත්තා. ඒ නිසා මම අපේ පාක්ෂිකයින්ගෙන් ලොකු ඉල්ලීමක් කරනවා 29 වැනිදා 2*2 පොලු සමග නුවර පාරේ කොහි හෝ රැදී සිටිමින් හොර රැලට පහර දෙන ලෙස.

මෙය සමාජ අවශ්‍යතාවයක්. නැවත හොරු රජ වෙලා රට විනාස වෙන එකෙන් බේරගන්න තක්කඩි රජ වෙන එකෙන් බේරගන්න එම පෙලපාලියට පහර දිය යුතුමයි. එදා අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න කියා කොටුවෙ උද්ගෝෂනය කල වෙලාවේ අපිට පොලිසිය සහ මැරයින් ලව පහර දුන්නා. සරත් ෆොන්සේකා නිදහස් කරන්න කියල අපි උද්ගෝෂනය කරපු වෙලාවෙ අපිට පහර දුන්න ඉතින් එයාලට එයාලගෙම තියරිය පාවිච්චි කරල පිලිතුරු දීම තමයි අපේ යුතුකම. මොකද එයාල අපිට ගැහුවම අපිට කොහොමද දැනුනෙ කියල එයාලට දැනෙන්නම ඕනෙ. නමුත් උද්ගෝශනයේ බීමත් කම වෙනුවෙන් හෝ කෑම පැකට්ටුවට එන අසරණයින් අපගේ ඉලක්කය නොවියයුතුයි. එනව මේ රට විනාෂ කල එවුනුත් ඔය පෙලපාලියෙම ආන්න එයාලව ඉලක්ක කරගන්න. බත් පැකට් එකට අරක්කු බාගෙට පෙලපාලියට ගෙන්න ගනිපු අසරණයින්ට ගහන්න එපා ඒක හොදින් මතක තියාගන්න. සූදානම් වෙන්න අපි පොඩි කාලෙ අපේ අම්මල අප්පල ගුරුවරු අපිට ගහල හැදුවෙ නැත්නම් අපි අද හරිමගට එන්නෙ නැහැ. ඉතින් නොමග යන උදවියට අප නිවැරදි මාර්ගය පෙන්විය යුතුයි. මෙය මට කීමට සදාචාරාත්මක අයිතියක් ඇති බව මම දන්නවාඑම අයිතිය තව බොහෝ සහෝදරයින්ට තියෙනවා මම ඒ නම් හෙලිකරන්නෙ නැත්තෙ එක නමක් හරි අමතක උනොත් එය එයාලට කරන ලොකු අසාධාරනයක් නිසා. මොකද කියනවනම් එදා අපි විපක්ෂෙ ඉන්න කාලෙ පොදු පෙරමුණු පාක්ෂිකයින්ගෙන් මර්ධනය කියන දේ හොදට ඉගෙන ගත්තා ආන්ඩුවෙන් පොලිසියෙන් විපක්ෂයට විශේෂ්යෙන්ම එක්සත් ජාතික පක්ෂයට එල්ල කල මර්ධනය හමුවේ අපි බොහොම අමාරුවෙන් අපේ පක්ශෙ රැක්කෙ. අපි දැකල තියෙනව උඩින් පාත් වුනු, රට රටවල ඉදල දිනන්න ඔන්න මෙන්න කාලෙදි ආපු පරදින්න තිබ්බ පක්ෂෙන් මේ පැත්තට ආපු ආන්ඩු බලයත් අතේ තියාගෙන චන්ඩි පාර්ට් දානවා නමුත් සැබෑ විරුවන් දැන් නිහඬවෙලා නිහඩ කරවල තියෙන්නෙ.

දිනේෂ් රවිචන්ද්‍රරාජා

උප සභාපති

ජාතික යොවුන් පෙරමුණ්

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close