Breaking News
Home / Gossip / කිරුළපණ රැළියට මහින්දත් නැතිවන ලකුණු – බස් 2ට වැඩි චාමිකගේ විතරයි

කිරුළපණ රැළියට මහින්දත් නැතිවන ලකුණු – බස් 2ට වැඩි චාමිකගේ විතරයි

හෙට කිරුළපණ පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියේ සංවිධාන කටයුතු මේ වන විට අවුල් ජාලාවක් වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

ගම මට්ටමින් කිරුලපන රැලියට පැමිණීමට සුදානම්ව තිබු බොහෝ සංවිධායකයන් තම බස් රථ සමඟ ගාල්ල බලා යාමට සුදානම් වන බවත්,  ඇතැම් සංවිධායකයන් ගාල්ලට හෝ කිරුළපනට නොපැමිණීමට සුදානම් වන බවත් ඒකාබද්ධ මැයි රැලියේ සංවිධායකයන් වෙත මේ වන විට දන්වා ඇති බව ද වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් වීරවංශ අතර ඇතිවූ අර්බුධය මෙන්ම වාසු, ඩීව්, දිනේෂ් ගේ පක්ෂ තුල අභ්‍යන්තර අර්බුධ ඉස්මතු වීමත්ය.

මේ අතර බස් රථ දෙකකට වඩා කිරුළපන රැලියට ගෙන එන බවට අද වන විට තහවුරු කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රිකයේ චාමික බුද්ධදාස පමණකි.

එසේම මේ වන විට ඇතැම් මහින්ද පිල නියෝජනය කරන මන්ත්‍රීවරු තමන්ට අමාත්‍යංශ ලබා දෙන්නේ නම් ගාල්ල මැයි රැලියට පැමිණෙන බවට ප්‍රකශ කර ඇති අතර තේනුක විදානගමගේ මහතා ද නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ඉල්ලා ඇතැයි ද සඳහන්ය.

කෙසේ නමුත් පවතින තත්වය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා ද රැළියට සහභාගී වීම සැකසහිත බව Techlanka News වෙත වාර්තා වේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close