Breaking News
Home / Gossip / කාසියේ වාසිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කෙරේ

කාසියේ වාසිය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කෙරේ

ක්‍රිකට් ක්‍රීඩාවේදී කාසියේ වාසිය උරගා බලා පළමුව පන්දුවට පහරදීම හෝ නොදීම තෝරාගන්නා ක්‍රමවේදය වෙනස් කරමින් නව හදුන්වාදීමක් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ආයතනය අත්හදා බලා තිබෙනවා.

මේ අනුව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ පළමු තරග හතරේදී මෙම ක්‍රමය ඇත හදා බැලුවා. නව ක්‍රමයට අනුව තරගයේ ආරාධිත කණ්ඩායමේ (visitors) නායකයාට කැමති නම් කාසියේ වාසිය උරගා බලන්නේ නැතිව පන්දු යැවීම තෝරා ගැනීමේ හැකියාව ලැබෙනවා.

නමුත් කාසියේ වාසිය උරගා බැලීමකින් තොරව පළමුව පන්දුවට පහරදීම තෝරා ගත නොහැකියි.

මේ හරහා තරගය පවත්වන ක්‍රීඩාංගනයේ කණ්ඩායමට තමන්ට වාසි ලෙස තණතීරුව සකසාගැනීමෙන් ලබාගන්නා වාසිය අහිමි කිරීමයි ඉලක්කය වන්නේ.

මේ නව ක්‍රමය එංගලන්ත ප්‍රාන්ත මුල් තරග 4කදී යොදා ගත් අතර තවදුරටත් එම ක්‍රමය ක්‍රියාත්මක කරනවද නැද්ද යන්න එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ආයතනය තවමත් තීරණය කර නැහැ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close