Breaking News
Home / Gossip / කාංචන විජේසේකර රු.‎73,906,580/- වංචාව මෙන්න..!! – මන්ත්‍රී ධුරයත් අහිමි වෙන ළකුණු..?

කාංචන විජේසේකර රු.‎73,906,580/- වංචාව මෙන්න..!! – මන්ත්‍රී ධුරයත් අහිමි වෙන ළකුණු..?

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මරා යුගයේදී 2008 වර්ෂයේදී උපුලවන් ශ්‍රී විෂ්ණු දේවාලේ බස්නායක නිමෙවරයාව සිට සිදුකල රුපියල් ‎7390658.00 වංචාවක් මුලික කොට පුරා වසර 7ක් විභාග වූ නඩුවක තීන්දුව මාතර දිසා අධිකරණයට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි
අදාල චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර වරදකරු වුවහොත් මහා උළු ගෙදර සිටීමට ඉඩ සැලසෙනු ඇත.
කංචන විජේසේකර ප්‍රභල දේශපාලඥයකු වූ මහින්ද විජේසේකරගේ පුතයි, පියා LTTE මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මොලයට සිදුවූ හානියෙන් මන්ද මානසික තත්වයට පත්ව ඇත. පියාගේ දේශපාලන ජීවිතය එසේ සමු දෙද්දී කාංචන පියාගේ ජන පදනම සමග දේශපාලනයට පිවිසෙයි.

kancana-768x432දේවිනුවර විශ්ණු දේවාලේ බස්නායක නිලමේ වරයාට තේරීපත් වන කාංචන ගේ හැසිරීමට පියාගේ ක්‍රියාකලාපයට දෙවෙනි නොවෙයි. පියාද බස්නායක නිලමෙ වරයාවී කලක් රජ මානසිකත්වයෙන් සිටි බව නොරහසක් නොවේ.

2008 වසරේ දෙවිනුවස ඇසල මංගලය සමයේ දේවාලේ බස්නායක නිලමේ තැන්පත් කාංචන විජේසේකර හැසිරෙන්නේ බස්නායක නිලමේ යනු ප්‍රදේශයේම මුලාදැනියා ලෙසයි. දෙවිනුවර මහජන ක්‍රීඩාංගනය නොහොත් අතීතයේ කෝපියාවත්ත යන භුමියේ 1977 සිට ඇසල සල්පිල පවත්වයි. මෙහිදී සිදුවන්නේ පෙරහැර තිබෙන කාල සිමාවේ අදාළ භුමි භාගයේ කඩ වෙළඳ සැල ඉදිකර සල්පිලක් පැවැත්වීම හා යාබද ප්‍රදේශයේ රථගාල් කිරීම තුලින් ටිකත් පතක් මාර්ගයෙන් දෙවිනුවර ර්පදේශ සභාව අදායම් ඉපයීමයි.

විශ්ණු දේවාලයේ ඇසල මංගල්‍යට සමගාමිව දෙවිනුවර ප්‍රදේශය සභාව අදාළ වියාපාර කටයුත්ත සංවිධානය කරනු ලබයි.

‎1977 – 03 – 22 සිට දෙවිනුවර මහජන ක්‍රීඩාංගනය නොහොත් කෝපියාවත්ත රජයට අයිති ඉඩමකි. එහි අයිතිය දෙවිනුවර ප්‍රදේශය සභාවට පවරා දී ඇත. ඇසල සල්පිල සෑම වසරකම පැවැත්වෙන්නේ අදාළ ප්‍රදේශය සභා ක්‍රීඩා පිටියේ එය නිත්‍යානුකුල ප්‍රදේශ සභාවට හිමි දේපලක් තුලය. සෑම වසරකම සල්පිල පවතිව්මට නිවැරදි ටෙන්ඩර් පටිපාටියක් ප්‍රදේශ සභාව ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 2008 වර්ෂයේදීත් දෙවිනුවර ප්‍රදේශය සභාව ‎2008-07-05 දිනමිණ පුවත්පත් දැන්වීමකින් සල්පිල සංවිධානයට ටෙන්ඩර් කැඳවන ලදී. ඉහල ලන්සුවක් තැබූ පී.කේ. රත්නසිංහ මහතාට දෙවිනුවර ප්‍රදේශය සභාවේ මුදල් හා ප්‍රතිපත්ති කමිටුව ඇසල සල්පිල සංවිධාන කටයුතු භාර දෙන්න තීන්දු කරන ලදී.

kanchanaf-768x432මේ සිදුවීම් දෙස බලා සිටි මරාවාදී දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ කාංචන විජේසේකර වරයාට දේවරාරූඩය පසෙකලා යක්ෂාරූඩ විය. වහා ලිපියක් මාර්ගයෙන් ‎2008-07-27 ඊනියා ස්ථාවරයක් ඉදිරිපත් කරන ලදී. එනම් 1986 මගේ පියා
(මහින්ද විජේසේකර) බස්නායක නිලමේ වරයා සිටි කාලයේදී ඇසල සල්පිල පැවැත්වීමේ අයිතිය දේවාලයට පවරාගත් බවත් 1991 අධිකරණය එය එසේ තහවුරු කර ඩි ඇති බවත් අසල සැණකෙළියේ වියදම් පියවා ගැනීමට මෙවර ඇසල සල්පිල දේවාලය සංවිධානය කරන බවත් දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ ලෙස කාංචන විජේසේකර මාහට අයිතියක් ඇති බව යනාදිය වෙයි.

එපමණක් නොව සල්පිල පැවැත්වන ඉඩම් ප්‍රදේශය සභාව සතු බව කාංචන පිළිගෙන ඇත.

ප්‍රදේශය සභාව සමග තර්ක විතරක් මැද කාංචන විජේසේකර 2008 අගෝස්තු 8 හෝ ආසන්න දිනක අදාළ ප්‍රදේශය සභාවට අයත් ඉඩමේ ඇසල සල්පිල සංවිධානය ආරම්බ කරන්නේ දේශපාලන බලය සහ මැර බලය යොදා ගෙන, බස්නායක නිලමේ වරයාගේ ක්‍රියා කලාපය සමග දෙවි නුවර ප්‍රදේශය සභාව ‎2008 -08 – 13 දින අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. එහිදී අධිකරණය නඩු අංක FPL 621 යටතේ මාතර දිසා අධිකරණය කාංචන විජේසේකර බස්නායක නිලමේ වරයාට සහ ඔහුගේ සහයකයන්ට එම ඉඩමෙන් ඉවත්වන ලෙසත් සල්පිල පැවැත්වීමේ අයිතිය ප්‍රදේශය සභාව සතු බවත් නියෝග කරන ලදී.

අදාළ අධිකරන නියෝගය සමග ගෝත්‍රිකවාදී කාංචන විජේසේකර බස්නායකර නිලමේ වරයා හමුවීම යන සියලු නිලධාරීන් අමුතිත්ත කුණුහරුප බසින් බැන එළවා දමා මරණ තර්ජන එල්ල කරමින් උසාවි නඩු තීන්දුව තම අතට භාර නොගෙන සිටීමට කාංචන විජේසේකර නිලමේවරයා දිගින් දිගට ක්‍රියාකරන් ලදී. මෙසේ අධිකරණ නියෝගයට අවනත නොවුන් ඔහු ඇසල සල්පිල ඔහුගේ ගෝත්‍රික අධීක්ෂණය යටතේ ඔහුගේ ගෝලබාල හෙන්චයියන් විසින් රිසිසේ ලාබ පිට ලාබ උපයන්න පටන් ගන්නා ලදී. එමෙන්ම ප්‍රදේශය සභාව වෙනදාට රථවාහන ගාල් කර උපයන ආදායමද කාංචන විජේසේකර නිලමේ වරයාගේ ගෝලයන්ගේ අතට පත්විය. නිතිය මෙන්ම සමස්ත පරිපාලනයද අතට ගත කාංචන නිලමේවරයා දෙයියන්ගේ හාල් මංකොල්ල කෑවේ රෑ මෙන්ම දවාලේදිය.
සිදුවූ දේ පිලිබඳ ප්‍රදේශය සභාවට දෙවියන්ට පවා කීමට නොහැකි වුයේ අධිකරණ තීන්දුවක් පිළිනොගත් පාලනය කරන දේවාලයේ දෙවියොත් අපිව පිළිගනිද යන ගැටලුව මතය. මරාගේ මැර බලය ඉහෙන් මුදුන්පත් කරගත් විෂ්ණු දේවාලයේ නිලමේවරයා තාමා අධිකරණයටත් යටත් නොවන බව ප්‍රකශ කරන්නේ විෂ්ණු දෙවියාගේ භාරකාරවයා බව සිතා විය හැකියි.

2008 වසරේ සිදුවූ මෙම මහා ගෝත්‍රික කූර මංකොල්ලය මුලික කරගත් නඩුවක් මාතර දිශා අස්දිකරණයට 2009 ජුනි 25 වන දින SPL 641 යටතේ ගොනුකරන්නේ දෙවිනුවර ප්‍රාදේශය සභාවයි. අදාළ නඩුවේ වග උත්තරකරුවන් වන්නේ එවකට ම්රාගේ බස්නායක නිලමේ වූ කාංචන විජේසේකරයි. අදාළ පැටිකිල්ලට අනුව දෙවිනුවර ප්‍රදේශය සභාවට සිදුවී ඇති පාඩුව සහ බස්නායක නිලමේවරයා උපයා ඇති ලාබය ලක්ෂ 75 කට ආසන්න බව එම නඩුවේ ගොනුකර ඇති ලිපී ලේඛන වල සඳහන් වේ.(මෙලෙස ජනතාවට සෙත සැලසීමට ඇති මුදල් මේ දේශපාලකයා සහ තම මර කල්ලිය අතර බෙදා ගත්තේ ජනතාවගේ සාපයටද ලක් වෙමින්ය.) ඉහත සඳහන් සියලු කාරණා ගරු මාතල දිසා අධිකරණයට පැමිණි පාර්ශ්වය විසින් ගොනුකරන ලද සාක්ශි සහිත කාරණා නම් වේ. එහිදී යක්ෂ බස්නායකට කෙල විය. දෙවිනුවර ප්‍රදේශය සභාව 2009 වර්ෂයේදී නැවත වතාවක් අදාළ බස්නායක නිලමේ වරයාගෙන් අභියාචනයක් පෙර වර්ෂයේ මෙන් සිදු වේ යැයි සිතා ඔහුට වහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ප්‍රාදේශිය සභාවේ කොල්ලකෑ රුපියල් ‎7390658.00 මුදලට පොලිය සහිතව ලබාදෙන ලෙස ඉල්ලා නඩුව ගොනුකරන ලදී.

අදාළ සිද්ධින් සලකා බැලු අධිකරණය 2009 දී සල්පිල පැවැත්වීමේ අයිතිය දෙවිනුවර ප්‍රදේශය සභාවට පැවරු අතර ප්‍රාදේශීය සභාවෙන් කොල්ල කාගත් රුපියල් ‎7390658.00 මුදල සඳහා නඩු විභාගය අද දින තෙක් කාංචන විජේසේකර නම් ගෝත්‍රික වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විරුද්ධව මාතර දිසා අධිකරණය ක්‍රියාත්මක වෙයි. පුරා වසර 7 ක් අධිකරණය නඩුව විභාග කර ඇත. මේ වනවිට ඉතිරිව ඇත්තේ බස්නායක නිලමේ වරයා ලෙස සිට 2008 වසරේ සිදුකල වංචාවට එරහි නඩුවේ තීන්දුව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ප්‍රකාශයට පත්කිරීම පමණි. එදා ‎2008-08-13 අධිකරණ තීන්දුව ඔහු විසින් පැහැර හැර ඇත. එය අධිකරණයට අපහාස කිරීමකි. 2009 දී අධිකරණය දෙවිනුවර ප්‍රාදේශීය සභවට වාර්ෂික ඇසල සල්පිල පැවැත්වීමේ නිල අයිතිය ඇති බව පිළිගෙන ඇත.

එසේ නම් 2009 වර්ෂයේදී දෙවිනුවර ප්‍රාදේශීය සභාවෙන් කොල්ල කෑ ඇසල සල්පිලේ රුපියල් ‎73906580.00 මුදලට වැරදි කරු වීමේ ඉඩකඩ වැඩිය. අධිකරණ නියෝග පැහැර හරිම සහ මුදල් වංචාව මත වරදකරු වුවහොත් ගෝත්‍රික කාංචන විජේසේකර මන්ත්‍රීවරයා තම පියාටත් වඩා ඉතාමත් අඩුකාලයකින් දේශපාලනයෙන් සමුගැනීමට සිදුවන නිසා මන්ද මාස 3කට වඩා සිරගත වුවහොත් මන්ත්‍රී දුරය අහෝසි වී යම් විටක SB දිසානායක මහතාට මෙන් ප්‍රජා අයිතිය අහෝසි වීමේ ඉඩකඩ ඇත.

එපමණක් නොව කාංචන විජේසේකර දේශපාලකයා ගෝත්‍රික වාදී සංකල්ප මත ක්‍රියා කර ඇති බවට තවත් සාක්ෂිකයක් මතු වෙයි.එනම් කාංචන පළාත් සභා මැතිවරණයට තරග කරන අවස්ථාවේදී ඔහු විසින් ප්‍රාදේශීය සභාවට අයත් ජීප් රථයක් මැතිවරණ කටයුතු සදහා මරාගේ සහය ඇතුව ලබාගෙන ඇත.ඉන් පසුව මෛත්‍රිපාල ජනපතිතුමා පත් වූ වහාම තම ගජ මිතුරු තජික එදිරිසිංහගේ’ ගරාජයේ එම ජීප් රථය හංගන ලදී. පසුව එම රථය FCID මගින් සොයා ගත් අතර දැනට එම ජීප් රථය මාතර පොලිසිය භාරයේ ඇත.මේ සම්බධයෙන් කාංචනගේ ගජ මිතුරු, තජික එදිරිසිංහ මාතර පොලිසියට කට උත්තරයක්ද දී ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close