Breaking News
Home / Gossip / ක්‍රිකට් තේරිම් කමිටුව නැවත විසුරුවයිද

ක්‍රිකට් තේරිම් කමිටුව නැවත විසුරුවයිද

ක්‍රිකට් තේරීම් කාරක කමිටුව සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරුණු නිෂේධනාත්මක ප්‍රතිචාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ක්‍රිකට් තේරීම් කාරක කමිටුවේ හිටපු ප්‍රධානි කපිල විජේගුණවර්ධන විසින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කෙරුණු නව තේරීම් කමිටුවේ පත්වීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළකර තිබිණි.

කෙසේ වෙතත් එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට වගකිව යුත්තන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිර්දේශ කරන ලෙස පාලිත කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පත්කරන ලද මෙම විනය කමිටුවට උපදෙස් ලබාදී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.ඉන් පසු නැවත විසුරුවිමක් සිදු වනවාද නැද්ද යන්න තිරනය වනු ඇති.

එසේ වුවද අරවින්ද ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පත්කෙරුණු නව තේරීම් කාරක කමිටුව පිළිබඳ ක්‍රිකට් ආයතනය සෑහීමට පත්වන බවත්,ක්‍රිකට් ක්‍රීඩා‍ව මේ මොහොතේ පවත්නා තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීමට ඔවුන්ට හැකිවෙතැයි කල්පනා කරන බවද එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close