Breaking News
Home / Gossip / ක්‍රිකට් තරගවල විනිසුරු තීරණ නැවත සලකා බලන ක්‍රමවේදයේ වෙනසක්

ක්‍රිකට් තරගවල විනිසුරු තීරණ නැවත සලකා බලන ක්‍රමවේදයේ වෙනසක්

ක්‍රිකට් තරගවලදී යොදා ගන්නා, විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදයේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව තම ආයතනය ඉදිරියේදී තීරණයකට එළැඹෙන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

වසරක කාලයක් තුළ සිදු කළ අධ්‍යනයක් සැලකිල්ලට ගනිමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ තිබේ.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවර්ධනාත්මක වැඩසටහනක් චෙන්නායිහිදී ඊයේ පැවැතිණ.

ඒ, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් රිචඩ්සන් සහ හිටපු සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පැවසුවේ, විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදයේ ගුණාත්මකභාවය පිළිබඳව සොයා බැලීමට සිදු කළ අධ්‍යනයේ වාර්තාව ලබන මැයි මාසයේදී තම ආයතනයට ලැබීමට නියමිතව ඇති බව ය.

අමෙරිකානු විශ්වවිද්‍යාලයක් විසින් වසරක කාලයක් තුළ මෙම අධ්‍යනය සිදු කරනු ලැබිණ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ, අදාළ වාර්තාව තම ආයතන ක්‍රිකට් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ‘‘විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදයේ‘‘ සිදු කළ යුතු වෙනස්කම් පිළිබදව තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව ය.

මේ අතර, ‘‘තමන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ තානාපතිවරයෙකු ලෙස කටයුතු නොකරන බැවින්, ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන බව‘‘ සචින් තෙන්ඩුල්කාර් පැවසී ය.

2007 වසරේදී පළමු පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව, ඉන්දියාවේ පැවත්වෙන තරගාවලිය ලබන මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිත ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close