Breaking News
Home / Gossip / ක්‍රිකට් ජය පරාජය ප්‍රසාද ලකුණු ක්‍රමයකට

ක්‍රිකට් ජය පරාජය ප්‍රසාද ලකුණු ක්‍රමයකට

ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ ජය පරාජය, ප‍්‍රසාද ලකුණු ක‍්‍රමයක් මත තීරණය කිරීමට එංගලන්තය සූදානම් වනවා. ඊට අදාළ නව ක‍්‍රමවේදය පිළිබඳ යෝජනාව එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය වෙතද යොමු කර අවසන්. 

 

නව ක‍්‍රමවේදය අනුව ටෙස්ට් තරගයක් ජය ගන්නා කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු හයක් හෝ හතරක්ද, ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් කණ්ඩායම් දෙකටම ප‍්‍රසාද ලකුණු දෙක බැගින් හිමිවනු ඇති. එක්දින හා පන්දුවාර විස්ස තරගයක් ජයගත හොත් ප‍්‍රසාද ලකුණු දෙක බැගින් හිමිවීමට නියමිතයි.

 

අවසානයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා කණ්ඩායමට සමස්ත තරගාවලියේ ජය හිමිවනවා. මේ පිළිබඳ කරුණු දක්වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ එංගලන්තයේ මෙම තීරණය පිළිබඳ ඉදිරියේදී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී සලකා බලන බවයි.

 

එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ එක් පන්දුවාර විස්ස තරගයක් පැවැත්වෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය මැයි මස 19 වැනිදා ලීඞ්ස් හිදි ආරම්භ වීමට නියමිතයි.

 

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close