Breaking News
Home / Gossip / කළු සල්ලි සුදු කරන්න ජපන් ගිය හොරුන්ගේ ‘සුකුබාවේ සෝකය‘..!

කළු සල්ලි සුදු කරන්න ජපන් ගිය හොරුන්ගේ ‘සුකුබාවේ සෝකය‘..!

රාජපක්ෂලා සහ හොරු රැල පිටරට වල ඇති කළු සල්ලි සුදු කර ගැනීමේ කූඨ ක්‍රියාමාර්ගයක් ලෙස විදේශ වලට ගොස් එ් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සමග රැස්වීම් පවත්වා ලැබුණු ආධාර මුදල් සේ තම කළු සල්ලි රට තුලට ගෙන ඒමේ සැලැසුමක් ලංකා ඊ නිව්ස් විසින් පසුගිය 11 වෙනිදා ලොවට හෙලි කරන ලද අතර එහි මංගල රැස්වීම වූ ජපානයේ සුකුබා නගරයේ  අද (20) පැවැති රැස්වීමට මැස්සන් ඇහිරුනා මිස සෙනග පැමිණියේ නැතැයි එහි සිටින ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරු පවසා සිටී.

අද පස්වරු 12.30 ට සුකුබා නගරයේ තෝයෝසතෝ ශාලාවේදී ගෝඨාභය රාජපක්ෂ, විමල් වීරවංශ සහ රෝහිත අබේගුණවර්ධන හෙවත් ‘රත්තරං‘ හමුවිය හැකි බව කල් තබා ප්‍රචාරය කර තිබුනද ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ නැති අතර ඔහු කතා කෙළේ ස්කයිප් හරහා පෙනී සිටිමිනි. (ගෝඨාභයට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති නමුත් අධිකරණයට දන්වා ඒ වෙනුවට ඇප කරුවෙකු ඉදිරිපත් කර අවශ්‍ය නම් රටින් පිටවිය හැකිය)  

රැස්වීම් සංවිධානය කිරීමටම 30 ක පමණ පිරිසක් එක්ව සිටි අතර රැස්වීමට පැමිණ සිටියේ එම සංවිධායක වරුන් සහ ඔවුන්ගේ පවුල් වල අය හැරුණු විට ඉතාමත් සීමිත පිරිසකි. 

හයිඩ්පාර්ක් රැලියට මෙන් අරක්කු බෝතලයයි බත් පාර්සලයයි දී බස් වලින් සෙනග ඇදීමේ හැකියාවක් ජපානයේ නැත. 

නොසිතූ විරූ ලෙස සෙනග නොපැමිණීම ගැන මෙම සංචාරයේ ප්‍රධාන සංවිධායකයා වූ ‘ජපන් සමන්‘ නමැත්තාට විමල් වීරවංශ විසින් බැන වැදී ඇතැයිද දැන ගන්නට ඇත.

පුස් බයිසිකලයක් හෝ නොතිබුනු විමල් වීරවංශ කටේ සමාජවාදය සහ ගිරියේ දේශප්‍රේමය විකුණා රුපියල් කෝටි 30 යි ලක්ෂ 60 ක් වටිනා ඉඩමක් තම බිරිඳට තෑගි ඔප්පුවකින් දී ඇති අතර ඒ වෙනුවෙන් දැන් FCID පරීක්ෂණ නිමාකර නඩු දැමීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට බාර දී තිබේ. රත්තරන්, සහ ගෝඨාභය වනාහී වීරවංශ මෙන් සිය ගුණයක මහජන මුදල් හොරා කෑ නීලකාස හොරුන්ය. තමන් අතේ ඇති පිච්චිය මෙවැනි හොරුන්ට පිදීමට කැසිල්ලක් නැතැයි මීට පෙර ජපාන ශ්‍රී ලාංකිකයෙක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ ය. 

අද මෙන් හිස් පුටු ඇමතීම සඳහා නගෝයා, චිබා, අෂිගාකා, සයිතාමා කුමාගයා සහ තෝකියෝ නගර වලටද හොරු දෙදෙනා පිටත්ව යෑමට නියමිතය

සේයාරුවේ දැක්වෙන්නේ සුකුබා නගරයේ අද පැවැති රැස්වීමේ ගෝඨාභය ස්කයිප් හරහා හිස්පුටු අමතද්දී වීරවංශ සහ රෝහිත අබේගුණවර්ධන දෙදෙනා සුකුබාවේ සෝකයෙන් කරබා ගෙන සිටි අන්දමයි.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close