Breaking News
Home / Gossip / කණුවක් නිසා තෙවරප්පෙරුම මිරිගම මහා පාරේ කළ සටන

කණුවක් නිසා තෙවරප්පෙරුම මිරිගම මහා පාරේ කළ සටන

ගිරිඋල්ල මීරිගම ප‍්‍රධාන බස් මාර්ගයේ මීරිගම කඳන්ගමුව ප‍්‍රදේශයේ කාපට් මාර්ගය තුළ ඇති දුරකථන කණු වහා ඉවත් කරන්නැයි ටෙලිකොම් ප‍්‍රධානීන්ට දැනුම් දෙමින් පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා අද (12) එම ස්ථානයේ සිය නිළ රථය නවතා ඒමත නැගී  විරෝධතාවක් ඉදිරිපත් කළා. 

මේක හරිම අනතුරුදායක තැනක් කියලා තේරුම් ගත්ත නියෝජ්‍ය ඇමති තුමා ඒ ගැන විමසිලිමත් වෙනකොට ගමේ අය ඇවිත් කියලා තියෙන්නේ මේ ටෙලිෆෝන් කණු නිසා නිතරම අනතුරු වෙනවා කියලා.

ඒ වගේම මේ ටෙලිෆෝන් කණු බේරන්න පාර මැද්දට වාහන ගන්නකම්ම ඉඳලා තනි ඉර කැපුවා කියලා දඩ ලියන්න පොලිස් රාළ හාමිලා හැංගිලා ඉන්නවා කියලත් නියෝජ්‍ය ඇමති තුමාට දැනගන්න ලැබිලා.

ඒ වෙලාවේම තමන් ආපු කැබ් එක උඩ නැගලා එයා විරෝධතාවයක් පටන් ගත්තා. කියන්න පුළුවන් ඉහළ අයටත් දුරකතනයෙන් කතා කරලා මේ ප්‍රශ්නය කිව්වා.

ගමේ අයත් එතනට වට වුණා පොලිසියත් ආවා. ඒ වෙලාවේ මේ කණු නිසා තනි ඉර කපන වාහන වලට  දඩ ගහලා ආදායමක් ගන්නවා නේද කියලත් තෙවරප්පෙරුම මහත්තයා පොලිසියෙන් මුහුණටම ඇහුවා. ගිනි අව්වේ වතුර ඇඟේ හලාගෙන පැය ගානක් නියෝජ්‍ය ඇමති තුමා උපවාස කලත් අද හවස්වන තුරුත් කණු දෙක එතනමයි කියලයි ආරංචි වෙන්නේ.විඩියෝව ඉහලින්

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close