Breaking News
Home / Gossip / ඕස්ට්‍රේලියානු පිලේ ප්‍රබලයෙක් ඉවත්වෙයි

ඕස්ට්‍රේලියානු පිලේ ප්‍රබලයෙක් ඉවත්වෙයි

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වන ෂේන් වොස්ටන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරලා තියෙනවා.

පන්දුවාර විස්ස ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර පිටියට සමුදෙනවා කියලයි වොස්ටන් කියන්නේ.

ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නේ පහුගිය අවුරුද්දේ එංගලන්තය එක්ක තිබ්බ අළුබදුන ක්‍රිකට් තරගාවලියේදීයි.

වසර 14ක ක්‍රිකට් ජීවිතයට තිත තියන වොස්ටන් එක්දින පිටියේදි තරග 190ක සහභාගි වී ඉනිම 169කට මුහුණදීලා රැස්කර ගෙන තියෙන ලකුණු සංඛ්‍යාව 5757ක්.

ඊට ශතක 9ක් සහ අර්ධ ශතක 33ක් ද ඇතුළත් වෙනවා.

වොස්ටන් එක්දින පිටියේදි වාර්තා කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 185ක්.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close