Breaking News
Home / Gossip / ඔබට දැන් සතුටුදැයි අසන මහින්ද, අපට සතුටු නැත!

ඔබට දැන් සතුටුදැයි අසන මහින්ද, අපට සතුටු නැත!

ඔබට සතුටුයිදැයි මහින්ද රාජපක්ෂ අසයි.

 

ඔහු එසේ අසන්නේ විරුද්ධ පාර්ශ්වයේ අය මර්දනය කිරීමෙන් ඔහු ලැබූ සතුට ඔහු දන්නා නිසා ය. ඔහුට ලසන්ත වික්‍ර‍මතුංග එහෙම මතක් වෙනවා ඇත.

අපි නම් සතුටු වන්නේ නැත. හේතුව, නාමල් රාජපක්ෂ යනු එක්තරා යුගයක ලංකාවේ තාරුණ්‍යය වෙනුවෙන් ප්‍ර‍වර්ධනය කරන ලද පරමාදර්ශී චරිතයක් නිසා ය.

ඒ පරමාදර්ශය තුළ තිබුණේ කුමන ආකාරයෙන් හෝ මුදල් හම්බ කරගෙන කාලා, බීලා, ජොලි කිරීම හා ඕනෑම ගේමක් ගසා බලය ගොඩනගා ගැනීම හා රැක ගැනීමයි.

පාතාල අපරාධකාරයන් පවා තමන්ගේ දරුවන් තමන් කරන දෙයට වඩා ශිෂ්ට සම්මත කටයුත්තක් වෙත යොමු කිරීමට උත්සාහ දරන ලෝකයේ තාත්තලා තමන් කරන අපරාධවලට පුතුන් විවෘතව හවුල් කර ගන්නා යුගයක් බිහි විය. නියෝජ්‍ය පොලිස්පති වාසුත් ඔහුගේ පුතාත් දෙදෙනා ම හිරේ ගියේ කුලියට මිනී මරන්නට ගොස් ය. මේ වනාහි දේශපාලන රැකවරණයෙන් බිහි වූ දෙවන පෙළයි.

සදාචාරය පමණක් නොව, රටේ නීතිය ද තඹ දොයිතුවකට මායිම් නො කර, හිතූ හිතූ දේ කළ හැකි, බලය පාවිච්චි කර නීතියෙන් ද ගැලවී යා හැකි යුගයක වැඩුණු නාමල් රාජපක්ෂ වැනි බලවත් පුත්තු එක පැත්තකින් මෙම ක්‍ර‍මයේ ගොදුරු වෙති.

බලයෙන් අන්ධ වී සිටි මේ පුත්තු තාත්තලා අනුගමනය කළ ආරක්ෂක විධික්‍ර‍ම හෝ අනුගමනය කරන්නට උනන්දු වී ඇති බවක් පෙනෙන්නේ නැත.

නාමල්ගේ කෝටි හැත්තෑවේ කොමිස් ජාවාරම සමග කියැවෙන නමක් වන නිමල් පෙරේරා ගැන අපි මීට පෙර ලිපියක් ලියුවෙමු. තාත්තලා කළු සල්ලි සුදු කර ගන්නට වූ පරිස්සමවත් වෙන්නට පුත්තුන්ට උවමනාවක් තිබී ඇති බව පෙනෙන්නට නැත.

අත් උස්ස උස්සා පෙන්න පෙන්නා හිනා වෙවී රිමාන්ඩ් වන්නට පුළුවන. පසුව ඒ අයුරින් ම ඇප පිට නිදහස් වී එන්නට ද පුළුවන. එහෙත්, මේ ටිකත් මතක තබා ගත යුතු ය. සාධාරණ නඩු විභාග පැවැත්වුණොත් මේ නඩු පහසුවෙන් ඔප්පු වනු ඇත.

විදේශීය සංචාරකයකු මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කර හිරේ ගිය මහින්ද ගෝලයකු වන සම්පත් චන්ද්‍ර‍ පුෂ්ප විනය විරෝධී ක්‍රියා හේතුවෙන් වැලිකඩින් වඩා නරක සිරගෙයක් වන මහරට මාරු කර තිබේ. කරන කලට පව් මිහිරි මුත් විඳින එක අමාරු ය.

දැන් බලයේ සිටින අයටත් මේවා පාඩම් ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close