Breaking News
Home / Gossip / ඔක්කොම මතකයි දුමින්ද උසාවියට කියයි

ඔක්කොම මතකයි දුමින්ද උසාවියට කියයි

2011 වසරේ සිදු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවක් තමාට මතක නැති බව එම ඝාතනය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. එම නඩුවේ විත්තිවාචකය ඉදිරිපත් කරමිනුයි දුමින්ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් මතක නැති බව පැවසුවද තමා දේශපාලනයට පිවිසි ආකාරය සම්බන්ධයෙන් සහ මැතිවරණ ජයග්‍රහණ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවකින් තොරව නිරවුල්ව හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා.

දුමින්ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ අදාල ඝාතනය සම්බන්ධයෙන් හෝ එදින සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් හෝ තමාට කිසිවක් මතක නොමැති බවයි. එසේම තමා මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ද හිටපු මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවදුරටත් අධිකරණයේදී කරුණු දැක්වූ දුමින්ද සිල්වා මහතා,

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මා රැකියාවක් කළා. රැකියාව කරන අතරතුර එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී දේශපාලන කටයුතු ආරම්භ කළා. 2004 වසරේදී පළමුවරට එජාපයෙන් බස්නාහිර පලාත් සභාවට තරග කර වැඩිම මනාපයෙන් ජයග්‍රහණය කළා. ඉන් පසු 2009 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නැවතත් වැඩිම මනාපයෙන් පළාත් සභාවට තේරී පත්වුණා.

2010 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවතත් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. කොලොන්නාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයා ලෙස ද කටයුතු කළා.

මාව මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන්නැයි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close