Breaking News
Home / Gossip / ඒකාබද්ධ විපක්ෂයේ අට දෙනෙක් ආන්ඩුවට

ඒකාබද්ධ විපක්ෂයේ අට දෙනෙක් ආන්ඩුවට

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනකු යහපාලන ආණ්‌ඩුව සමඟ එක්‌වීමට විශේෂ සාකච්ඡා පවත්වා ඇතැයි ආණ්‌ඩු පක්‍ෂ ආරංචි මාර්ග පවසනවා.

 

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හත්දෙනකු සහ වාමාංශික පක්‍ෂයක්‌ නියෝජනය කරන එක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්‌ඩුව සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

එම මන්ත්‍රීවරුන් එජාපයේ ඉහළ තනතුරක්‌ දරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සහ එජාප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු මෙන්ම ශ්‍රීලනිපය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සමඟ ද සාකච්ඡා වට තුනක්‌ මේ වන විට පවත්වා ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළා.

මෙලෙස ආණ්‌ඩුවට එක්‌වීමට කැමැත්තෙන් පසුවන මන්ත්‍රීවරුන් ලබන සතියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

මෙම මන්ත්‍රීවරුන් ආණ්‌ඩුවට එක්‌වීමෙන් අනතුරුව පවරනු ලබන වගකීම් සහ කාර්යභාරය ගැන එහිදී සාකච්ඡා කෙරෙන අතර මීට පෙර ඔවුන් සමඟ සාකච්ඡාවට එක්‌ වූ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ඒ සම්බන්ධව සිය නිර්දේශයන් ද ඉදිරිපත් කරනු ඇතැයි ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close