Breaking News
Home / Gossip / එදා වී රු . 45-50 අද ,රු .35 ට බැහැලා … පොහොර ටික නෑ ,වටිනාකමක් නෑ … මෛත්‍රි -රනිල් එපා !

එදා වී රු . 45-50 අද ,රු .35 ට බැහැලා … පොහොර ටික නෑ ,වටිනාකමක් නෑ … මෛත්‍රි -රනිල් එපා !

පසුගිය කාලයේ ලබා දුන් පොහොර සහනාධාරය එලෙසින්ම ගොවියන්ට අවශ්‍ය බව ,ගොවි සංවිධාන රජයෙන් ඉල්ලීමක් කරනවා .ඊයේ (22) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ,පරාක්‍රම සමුද්‍රය ,ගිරිතලේ සහ මින්නේරිය යන ගොවි ජනපද ව්‍යාපාරවල නියෝජිතයින් මාධ්‍ය හමුවක් කැදවා තිබුණා .එහිදි අදහස් දක්වමින් ඔවුන් දිගින් දිගටම පැවසුවේ ආණ්ඩුව නියත වශයෙන්ම ගොවි ජනතාවට කරදර නොකර පොහොර සහනය ලබා දිය යුතු බවයි.

අද ගොවි සහ ගොවි නිළධාරින් අවාසනාවන්ත තත්වයකට මුහුණ පා ඇති බවත් බලයට පත්වූ යහපාලන රජය ගොවි ජනතාව විදින දුක බලා රුපියල් 40-45 අතර පැවති වී මිල 45- 50 දක්වා ඉහළ දැමූ බවද එම නියෝජිතයින් පෙන්වා දුන්නා .එය එක කන්නයක් සදහා ලබාදී පසුව නැවත වී මිල රුපියල් 35 දක්වා පහළ හෙළීම කණගාටුදායක බවත් එය ගොවීන් මුළා කිරීමක් බවද ඔවුන් සදහන් කරනවා.ගොවියාගේ ආර්ථිකය මෙලෙස පහත හෙලීම සම්බන්ධයෙන් යහපාලන රජය වගකිව යුතු බවද ඔවුන් සදහන් කලා .

පෙර ආණ්ඩු සමයේදී ගොවියාට මීට වඩා හොද තත්වයක් පැවති බවත් ගොවියාට මීට වඩා වටිනාකමක් ලැබුණු බවත් ප්‍රකාශ කලේ , අම්පාර ගොවි සංවිධාන නියෝජිතයින් ය .අද ගොවීන් පුදුම වේදනාවකින් සිටින බවත් පොහොර වෙනුවට මුදල් ලබා දීමට ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර මෙවැනි යෝජනා ගෙන ඒමට “පාර්ලිමේන්තුවේ ඉන්නේ බත් කන එවුන්ද ?:” යන්න ඔවුන් ප්‍රශ්න කරනවා .

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close