Breaking News
Home / Gossip / ‘එට්කා’ ගිවිසුම ගැන විශේෂ සාකච්ඡාවක්

‘එට්කා’ ගිවිසුම ගැන විශේෂ සාකච්ඡාවක්

ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය විශේෂ දූත පිරිසක් ලංකාවට පැමිණෙනවා.

එම සාකච්ඡා සදහා අදාළ සියලු පාර්ශවයන් සම්බන්ධ කර ගන්නා බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප‍්‍රකාශ කළේ.

ඒ අනුව එළඹෙන මාර්තු 4 වනදා මෙම විශේෂ දූත පිරිස ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා.  

මෙම ගිවිසුම තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවත් අවසන් කෙටුම්පත මෙතෙක් සකස් කර නොමැති බවත් අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා.

 එහිදි අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මෙම ගිවිසුම් පිළිබඳ ඇත්තේ හුඹස් බියක් නොවන බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සේවා ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණය සහ නාවික ඉංජිනේරු ක්ෂේත්‍ර විවෘත කරන බව නිශ්චිත වශයෙන් පවසා තිබෙන බවත් පැවසුවා. ඒ හේතුවෙන් ඊට එරෙහිව අනෙක් වෘත්තීයවේදීන් මතයක් ගොඩනැගිය යුතුව ඇති බවත් සඳහන් කළා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close