Breaking News
Home / Gossip / එජාප මැයි රැලියට ලක්ෂ 4ක්

එජාප මැයි රැලියට ලක්ෂ 4ක්

එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිත මැයි දින රැලිය සඳහා පාක්ෂිකයන් ලක්ෂ 4 ක් සහභාගී කරවීමට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා පැවසීය.

ආසනයකින් අවම වශයෙන් පාක්ෂිකයන් 1500ක් සහභාගී කළයුතු බවට ආසන සංවිධායකවරුන්ට දැනුම්දී ඇති බවද අරංගල මහතා පවසා සිටියේය‍.

කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක කටයුතු සාර්ථකව අවසන් කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්ව 2ක් මැයි දින රැලි 2ක් පවත්වන බව දන්වා ඇති බැවින් මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය සාර්ථක එකක් වනු ඇතැයි ඒ මහතා පවසා සිටියේය.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close