Breaking News
Home / Gossip / එජාප ප්‍රධාන තනතුරු වෙනස් වේ

එජාප ප්‍රධාන තනතුරු වෙනස් වේ

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරු කිහිපයක් ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වනවා.

 

දේශපාලන ආරංචි මාර්ග කියාසිටියේ පක්‍ෂයේ මහලේකම් ධුරය ඇතුළු තනතුරු කිහිපයක් එලෙස සංශෝධනය වනු ඇති බවයි. මහලේකම් ධුරය පක්‍ෂයේ දෙවන පෙළ නායකත්වය නියෝජනය කරන අයෙකුට ලබාදීමටයි යෝජනා වී ඇත්තේ. ඒ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම ඉහළින්ම ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා. 

 

පක්‍ෂයේ වෘත්තීය සමිති කටයුතු ශක්තිමත් කිරීමේ වගකීමද තරුණ නායකත්වයකට පත්කරනු ඇති. එමෙන්ම රුවන් විජේවර්ධන, හරීන් ප‍්‍රනාන්දු  සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ටද තනතුරු ලබාදීමට නියමිතයි.

 

එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට පරිබාහිරව පත්කර ඇති නායකත්ව මණ්ඩලය, නියෝජ්‍ය නායක ධුරය සහ උප නායක යන ධුර ඉදිරියේදී සංශෝධනය කෙරෙනු ඇති. එමෙන්ම මෑතකදී ඇති කරන ලද ජාතික නායක ධුරය වෙනුවට රනිල් වික‍්‍රමසිංහ මහතා නැවතත් පක්‍ෂ නායක ලෙස පත්කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close