Breaking News
Home / Gossip / එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අද මහනුවර සංචාරයක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අද මහනුවර සංචාරයක

දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් මහතා අද මහනුවර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ මාධ්‍ය ප්‍රධානී ෆාඩිල් බාකීර් මාකර් මහතා පැවසුවේ, එම සංචාරයේදී මහ කොමසාරිස්වරයා අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවවරුන් හමුවීමට නියමිත බව ය.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහ මහ කොමසාරිස්වරයා අතර පැවැති සාකච්ඡාවේදී යුද සමයේ සිදුවූ පුද්ගල අතුරුදන්වීම්, දේශපාලන සිරකරුවන්ගේ ගැටලු , උතුරේ වැන්දඹුවන්ගේ සුබසාධනය, නැවත පදිංචි කිරීම වැනි කරුණු පිළිබඳව අවධානය යොමු වී තිබේ.

එම සාකච්ඡාවෙන් පසු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය.

සිව් දින නිළ සංචාරයක් දිවයිනට පැමණි සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා පෙරේදා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද හමුවිය.

ඒ මහතා ජනාධිපතිවරයා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ලබන 09 වන දා මාධ්‍ය හමුවක් පවත්වා, මාධ්‍යයට අදහස් දැක්වීමට නියමිත බව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය නිවේදනය කළේ ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close